(කේ බුද්ධික කුමාරසිරි)
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන පහලොවක් පමණ හප්පා පලා යමින් සිටි රියදුරෙකු පසු පස හඹා පැමිණි පිරිසක් අද (03) රාත්‍රි එම රියදුරුට අතුරැගිරිය පොලිස් ස්ථානය තුලදී බිම පෙරලගෙන පහර දීම නිසාවෙන් ඇති වූ උණුසුම් තත්වය අහසට වෙඩි තබා පාලනය කිරීමට කටයුතු කල බව අතුරැගිරිය පොලිසිය පවසයි
අදාල පහරදුන් පුද්ගලයා සහ රථ වාහන හප්පා පලා ගිය රියදුරැද එම අවස්ථාවේදී ම සැකපිට අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
දැඩිලෙස බීමත්ව කුඩා ලොරි රථයක් පදවා ගෙන පැමිණි පුද්ගලයෙකු දැඩිගමුව ප්‍රදේශයේ සිට කිලෝ මීටර් පහකට ආසන්න දුර ප්‍රමාණයක් මහා මාර්ගයේ ධාවනය වූ රථ වාහන පහලොවකට වැඩි ප්‍රමාණයන් හප්පමින් අධික වේගයෙන් රථය පදවා තිබූ බවත් එම රථයේ ගැටුණු අනෙකුත් වාහනවල රියදුරන් එම කුඩා ලොරි රථය පසුපස හඹා විත් ඇති බවත් පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන 15 ක් හප්පා පලාගිය රියැදුරුට පොලිසියේදි පෙරළගෙන පහර දෙද්දි අහසට වෙඩි
chamara Sunday, 03 September 2023 10:46 PM
දැන් ඉන්නේ ත්‍රස්ථවාදීන්. පරිස්සමින්. මොලේ විකුර්තියක් මේ ආර්ථික අමාරුකම් නිසා. අනික මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා.
Bamunuarachchi Monday, 04 September 2023 09:43 AM
ඉතින් මුට ගහල මදිනේද? මු කරපු නොසන්ඩාල වැඩේ පාඩුව විඳින්නේ පොලිස්සිය නොවෙයි වාහන අයිති කරුවන්. ඒ නිසා මුට ගහපු පුද්ගලයාගේ කේන්තිය සාධාරණයි.