(කේ බුද්ධික කුමාරසිරි)
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන පහලොවක් පමණ හප්පා පලා යමින් සිටි රියදුරෙකු පසු පස හඹා පැමිණි පිරිසක් අද (03) රාත්‍රි එම රියදුරුට අතුරැගිරිය පොලිස් ස්ථානය තුලදී බිම පෙරලගෙන පහර දීම නිසාවෙන් ඇති වූ උණුසුම් තත්වය අහසට වෙඩි තබා පාලනය කිරීමට කටයුතු කල බව අතුරැගිරිය පොලිසිය පවසයි
අදාල පහරදුන් පුද්ගලයා සහ රථ වාහන හප්පා පලා ගිය රියදුරැද එම අවස්ථාවේදී ම සැකපිට අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
දැඩිලෙස බීමත්ව කුඩා ලොරි රථයක් පදවා ගෙන පැමිණි පුද්ගලයෙකු දැඩිගමුව ප්‍රදේශයේ සිට කිලෝ මීටර් පහකට ආසන්න දුර ප්‍රමාණයක් මහා මාර්ගයේ ධාවනය වූ රථ වාහන පහලොවකට වැඩි ප්‍රමාණයන් හප්පමින් අධික වේගයෙන් රථය පදවා තිබූ බවත් එම රථයේ ගැටුණු අනෙකුත් වාහනවල රියදුරන් එම කුඩා ලොරි රථය පසුපස හඹා විත් ඇති බවත් පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්නේ ත්‍රස්ථවාදීන්. පරිස්සමින්. මොලේ විකුර්තියක් මේ ආර්ථික අමාරුකම් නිසා. අනික මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා.
ඉතින් මුට ගහල මදිනේද? මු කරපු නොසන්ඩාල වැඩේ පාඩුව විඳින්නේ පොලිස්සිය නොවෙයි වාහන අයිති කරුවන්. ඒ නිසා මුට ගහපු පුද්ගලයාගේ කේන්තිය සාධාරණයි.
ශ්‍රී ලංකා පොලිස් TM