IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි

(ආරියරත්න රණබාහු)

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න  මහතා පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව  පවතින බිත්තර වී තොගයක්  ඉතා කුඩා ප්‍රමාණයක් බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා එම නිසා බිත්තර  වී වගා කරන ගොවීන් ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.

වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ දී වී බඩඉරිඟු  ලොකු ලූනු ,අර්තාපල් සෝයා,  ගම්මිරිස්  යන භෝගයනට පමණක්  වන්දි හිමිවන  ක්‍රමවේදය  වෙනස්කර මෙවර වර්ෂාවෙන් හානි වූ අනිකුත් භෝග වගා කළ ගොවීන්ටත් යම් වන්දියක් ලබා දිය යුතු යන ස්ථාවරයේ තමන් සිටින  බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ සඳහා ඉල්ලිමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද කීය.

නියෝජ්‍ය ඇමතිවරයා මේ  බව සඳහන් කළේ  අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ගොවීන්ට සිදුවූ වගා හානි ගැන රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.



අදහස් (0)

වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site