
(සිතුම් චතුරංග )
අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අැදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයෙ වැව් 41 කට හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වවුනියාව දිස්ත්‍රික්කයෙ වැව් 639 ක් පවතින අතර, එම වැව් වලාන් 41 කට වර්ෂාව හේතුවෙන් හානි වි ඇති බව දිස්ත්රිරක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
වවුනියාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ වැව් 617 ක්, සුළු වාරිමාර්ග යටතේ වැව් 17 ක්, මහා වාරිමාර්ග යටතේ වැව් පහක් පවතින අතර එම සියලු වැව් සියල්ල වාන් දමමින් පවතින බවත් පැවසීය.
පවතින වර්ෂාව හේතුවෙන් වැව් බැමි කැඩී යාම, වැව් බැමිවල සිදුරු ඇතිවීම, සොරොව් හානිවීම් ඇතිවීම් වාර්තා වී අැති බවත් කීය.
අධික වර්ෂාව හේතුවෙන් වවුනියාව සින්නකුලම , සින්නකල්වීරකුලම , පිරමනාදන්කුලම යන වැව් බැමි කැඩී විශාල ලෙස හානි සිදුව අැති බවත් වැඩිදුරටත් පැවසීය.
අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ යුද හමුදාව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන්, ප්‍රදේශවාසීන් කැඩීගිය වැව් බැමි වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට ක්‍රියාකලත් වැසි අධික වීම හේතුවෙන් අැතැම් වැව් බේරාගැනීමට නොහැකි වී අැති බවයි.
වැව්බැමි කැඩී යාමෙන් ප්‍රදෙශවාසීන්ට හානි සිදුවීම් වාර්තා නොවූ බවත්, කුඹුරු ඉඩම් ජලයෙන් යටවීම හේතුවෙන් වගාහානි පමණක් වාර්තාවී අැති බවද ප්‍රකාශ කළේය.
පවතින ජල ගැලීම් හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1500 ක් පමණ ජලයෙන් හානි සිදුව අැති බව ගොවි ජනතාව පවසති.
ජල ගැලීම් හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්යේ පවුල් 37 කට අයත් පුද්ගලයින් 137 දෙනෙකු අවතැන්ව සිටින අතර, එම පිරිස තාවකාලික සහන කඳවුරු දෙකක රඳවා සිටිති.

2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්සෙන් වව්නියාවේ වැව් 41කට හානි