IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැස්සෙන් මදුරන්කුලියේ පාළමක් කැඩෙයි :ගම් 20ක ජනතාව අමාරුවේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මදුරන්කුලිය තොඩුවාව මාර්ගයෙ කඩයමොට්ට ප්‍රදේශයෙ අබලන් වු පාළමක් ඉදිකරන තුරු සකසා තිබු තාවකාලික අතුරු මාර්ගය මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කඩා ගෙන ගොස් ඇති බව ජනතාව පවසයි.

මදුරන්කුලිය තොඩුවාව මාර්ගයෙ මැල්ලන්පිටිය ආසන්නයෙ තිබු වසර 100 කට ආසන්න පැරණි පාලම් දෙකක්  සදහා අලුත් පාලම් ඉදි කිරීම ආරම්භ කිරීමත් සමඟ මදුරන්කුලිය වෙළද සංගමය හා ප්‍රදේශවාසින් එක්වි ලක්ෂ 20 කට අධික මුදලක් වැය කරමින් මෙම අතුරු මාර්ගය සකසා ගෙන තිබු බව කියයි.

කෙසේ වෙතත් ඊයේ(29 )  රාත්‍රි ඇද හැළුන මහ ගංවතුරත් සමග හැමිල්ටන් ඇල දෙපසින් ගලා ආ දැවැන්ත ජල කදට හසුවු මෙම තාවකාලික පාලම් මාර්ගය කැඩි යාම සිදුව ඇති බව කියයි.

මෙලෙස මෙම මාර්ගය කැඩි යාමත් සමග තොඩුවාව ඇතුළු ගම්මාන 20 කට ආසන්න සංඛ්‍යාවක දහස් ගනනක් ජනතාවක් දෛනිකව මෙම මාර්ගය භාවිතා කිරීම සිදුව තිබුනී.

මෙම අතුරු මාර්ගය කැඩි යාමත් සමග තවත් සැතපුම් 10 කට වැඩි දුරක් ගෙවා මදුරන්කුලිය නගරයට පැමිනිමට සිදවන බව ජනතාව පවසයි. කෙසේ නමුත් මේ සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.   එම්.එස්.පි .හේරත් මහතාගෙන් කල විමසිමේ දිපවසා සිටියේ මෙම ස්ථානයට ප්‍රාදේශීය සභාව මැදිහත් වි නැවත මෙම මාර්යෙ කැඩි ගිය පාලම සකස් කර දීමට කටයුතු කරනය බවය.               



අදහස් (0)

වැස්සෙන් මදුරන්කුලියේ පාළමක් කැඩෙයි :ගම් 20ක ජනතාව අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site