IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් ආගරපතන සිංහල විදුහලට හානි

( රංජිත් රාජපක්ෂ )

නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඇද හැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහ විද්‍යලයේ පුස්තකාලයට  සහ පන්ති කාමර කිහිපයකට දැඩි ලෙස හානි සිදු වි ඇති බව විදුහල්පති නලින් දර්ශන මහතා පැවසිය.

ආගරපතන ප්‍රදේශයට ඊයේ(23) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් දැඩි සුලං තත්ත්වයත් හමුවේ පාසල අසල පිහිටි විශාල සයිප්‍රස් ගසක් කඩා වැටිම නිසා පුස්තකාලයට සහ පාසලේ 1 – 2 පන්ති කාමර වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත පාසලේ ප්‍රාථමික අංශයේ  අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නුවරඑලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියට යටත්ව (24) දින නිවාඩු ලබාදුන් බවත්, හානියට පත් ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරිමෙන් අනතුරුව ප්‍රාථමික අංශයේ ඉගැන්විම් කටයුතු ආරම්භ කරන බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

තවද පුස්තකාල ගොඩනැගිල්ලට හානි සිදු වි ඇති නිසා පුස්තකාලයද (24) දින විවෘත නොකරන බවත්, හානියට පත් ගොඩනැගිලි යලි පිළිසකර කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන ප්‍රදේශවාසීන් විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන ලෙස ද විදුහල්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

 



අදහස් (0)

වැස්සෙන් ආගරපතන සිංහල විදුහලට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site