IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර,නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි වැසි ඇති විය හැකියි.

මතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කීපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,උතුරු,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇති විය හැකියි.

මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු මුහුදු ප්‍රදේශවල  සුළඟේ වේගය විටින් විට පැයට කිලේ මීටර් 60 – 65ත් අතර වන අතර එම මුහුදු ප්‍රදේශවල මුහුද විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලය සිට මුලතිව් සහ කන්කසනතුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50 – 55 දක්වා වැනි වන අතර එම මුහුදු ප්‍රදේශ ද රළු වේ.

කල්පිටිය සිට කොළඹ,ගාල්ල  සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මිටර් 2.0 – 2.5 දක්වා ඉහළ යා හැකිවේ. මෙය ගොඩබිමට එන රළ නොවන බවත් ධීරව ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site