(මහින්ද නිශ්ශංක)
දින දෙකකට පමණ පසු කොළඹ කොටුව හා මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (12) පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
ගංවතුරට දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොළොන්නරුව දක්වා සීමා කළ බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය ධාවනය යලි ආරම්භ වීමත් සමග ඊයේ පස්වරුවේ කොළඹ කොටුවෙන් මඩකලපුව බලා දුම්රියක් ධාවනය වූ බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ අනුව කොළඹ හා මඩකලපුව , මඩකලපුව හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු මාර්ගයේ ධාවනය කිරීමට නියමිත සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවත් දුම්රිය පාලක මැදිරිය කාර්යාලය වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd