(ප්‍රසන්න පත්මසිරි සහ ප්‍රසාද් රුක්මල්)

පස්සර බඩල්කුඹුර වරාදොල ගම්මානයේ කදුවැටිය අද පෙරවරුවේ සිට නාය යෑමට ලක්වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ ඒකක කියයි.

නාය යෑමෙන් මේ වෙද්දී වතු නිවාස තුනක් සම්පුර්ණයෙන්ම පස් කදුවලින් යට වී තිබෙන අතර තවත් පවුල් 12ක් ජීවත්වෙන වතු නිවාස පේලියක් ඉරිතලා නාය යෑමේ අවදානමක් පවතී.

අක්කර 30ක පමණ භුමියක් නාය යෑමට ලක්ව තිබේන අතර ප්‍රදේශයට පැවති අධික වර්ෂාව නැවතී දින දෙකකට පසු ගම්මානය යෑම නිසා ගම්වාසීන් විමතියට පත්ව සිටිති,

නාය යෑම නිසා අවතැන් වු පවුල් 21ක පුද්ගලයන් 64 දෙනකු සවස් වෙද්දී වරාදොල පාසලේ නවතා තැබීමට කටයුතු කරන බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒ්කක පැවසීය,

මෙම නාය යෑම නිසා නිවාස 3ක් ඒළවළු වගා භුමි කිහිපයක් වෙල්ලයායක්, පුවක්, කොස්, කෙසෙල්, ගම්මිරිස් ඇතුළු වගාභුමි අක්කර ගණනාවක් පස්ගල් වලින් වැසී තිබේ,

ගම්මානය පුරා ඉරිතලා බොරදිය ගලා යෑම නිසා ගම්වැසියන් සියලුම දෙනා භිතියට පත්ව සිටිති,