නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැසි තරමක තද වැසි ද ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.