(ඩයනා උදයංගනී)
ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලිබිල සියයට 300කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සියයට 75 කින් වැඩි කළ විදුලි බිල, පසුගිය දා නැවත සියයට 66 කින් වැඩි කර ඇතැයි කී මන්ත්‍රීවරයා ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි මස පැවති විදුලි බිල මෙම වසරේ පෙබරවාරි වන විට තුන් ගුණයකින් වැඩිකර ඇතැයි සඳහන් කළේය.
මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 765 ක් වනු ඇතැයි කී පාඨලී චම්පික මහතා පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අයවැය අනුව එහි සමස්ත වියදම වී ඇත්තේ රුපියල් බිලියන 471 ක් බවත්, මෙම වසරේ එය රුපියල් බිලියන 765 වන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් කීවේය.
මෙම විදුලි බිල වැඩි කිරීම තෙල් මිල සූත්‍රය මෙන්ම පුම්බන ලද වියදම් මත පදනම්ව ඇති බවත්, භාණ්ඩාගාරයේ හා රාජ්‍ය බැංකුවල වැරදි මූල්‍ය කළමනාකරණයට විදුලි හා තෙල් පාරිභෝගිකයා වගකිව යුතු නැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ගාස්තු සංශෝධනයේදී වැඩි බර දමා ඇත්තේ ඒකක 90 ට අඩුවෙන් පරිහරණය කරන පිරිමැසුම් පාරිභෝගිකයන්ටවීම අතිශයින් අයුක්ති සහගත බවත්, සමෘද්ධි සහනාධාරය ලෙස රුපියල් බිලියන 66 දී විදුලි බිල්පතෙන් රුපියල් බිලියන 106 ක් වැඩියෙන් ගැනීම දුගියා කබලෙන් ලිපට දැමීමක් බවත් හෙතෙම පැවසීය.
ලංවිම ගාස්තු වැඩ කිරීමේ ක්‍රමවේදයක් තිබියදී මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිකුල් සහගත මැර ක්‍රියා කලාපයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වසරක් තුළ තුන්ගුණයකින් විදුලි බිල වැඩි වේ
පැරකුම් Monday, 20 February 2023 06:12 AM
සුලු පරිමාණ පාරිභා්ගිකයින් පමණක් ඉලක්ක කර සිදු කල ගාස්තු වැඩිකිරීම ගැන මෙතෙක් කිසිවෙක් කතා කලේ නැත. දැං ඉතිං කතා කරල වැඩකුත් නැත. පොඩි මිනිහාට එලව එලවා ගහමින් ලොකු මිනිස්සු නලවන මේ රජය ගහල එලවන්න තව ටික දවසයි.
fairoos Monday, 20 February 2023 12:33 PM
බයියන්ට කොහේද මේවා තේරෙන්නේ? තවත් කඩේ යනවා.