
(අංජුල මහික වීරරත්න)
වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් උගන්ඩාවේ දී අද (19)පැවසීය.
බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු යැයි කී ජනාධිපතිවරයා එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතු බව ශ්‍රී ලංකාවෙි ස්ථාවර බව සඳහන් කළේය.
“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අද(19) සහ හෙට (20) පැවැත්වේ.
උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කථාව කරලා මෙයා හදන්නේ දෙමළ ඩයස්පෝරාව කරන ඉල්ලීම වන, ලංකාවේ වෙනම දෙමළ නිජබිම් සංකල්පයට පණ පෙවීම. මෙයා දන්නවා ලංකාවේ මිනිස්සු (සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්) ඌව ප්‍රතික්ෂේප කරනවා කියලා. එයා හදන්නේ නිජබිම් සංකල්පය ඔස්සේ දෙමළ ජාතික ඡන්ද දිනාගන්න. හැබැයි ලංකාවේ හැම මිනිහාම දන්නවා මේ කියන දේ නොකරන අවස්ථාවාදියෙක්, වංචනිකයෙක් කියලා.
මං මේ බයේ හිටියේ නල්ල-මලේ මෙයා ලංකාවේ උතුරු-නැගෙනහිරත් වෙනම රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු යැයි යෝජනා කරයි කියලා !!!
කැඳ බිව්වත් බෑ... කෙළින් කිව්වලු...!
‘වහල් නොබැඳි පිළිවෙත’ වශයෙන් නිවැරැදි විය යුතුයි. ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යට පක්ෂ බව පෙන්වීමට රතු මුහුදට යුද නැව් යවන නිසා එවැනි නමක් සුදුසුබව යෝජනා කරමි...
අපොයි දැන්නම් නට් ලූස් හොඳටම... රටේ මිනිස්සු බරපතල ප්‍රශ්න ගොඩක නොමැරී ජීවත් වෙද්දී වෙන රටවල හුටපට වලට මෙහෙම ඔලුව දාන්න යන්න හොඳ සිහියකින් නම් බෑ...!