
(සුමිත් පොතුපිටිය )
වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රදවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව පොලිසිය කීය.
අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ සීයා කෙනෙකු බවද පොලිසිය සදහන් කරයි.
දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර , නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ
මේ රටට මොකක් වෙලාද මන්දා? සමහර තරුණ, මහලු, විවාහක, අවිවාහක, ගැහණු, පිරිමි, උගත්, නූගත්, හැමෝම එකවගේ පහත් ජීවිත ගතකරන්නෝ වී ඇත. ගුණවත් සමාජයක් බිහිකිරීමට උරදිය යුතු අයගේ උනන්දුව හුදු දේශපාලනය, ප්‍රසිද්ධිය, මුදල්, බලය, වෙත යොමුවී ඇත.
මනුශ්‍යයෙක් අසරණ තත්ත්වයට පත්වීම තවත් කෙනෙක්ගේ මනදොළ සපුරා ගැනීමට භාවිතා කරනවා නම් එවැනි අය ලෝකයෙන් අතුගා දැම්මත් කම්නැත...
උදේ පාන්දර අපි ඇහැරෙන්නේ පල්ලි, පන්සල් සහ කෝවිල් ඇසෙන ආගමික වතාවත්වල හොඳින්, බොහොම භක්තිමත්ව සහ ශාන්ත දාන්තව. නමුත් මෙවැනි දේවල් සිදුවෙනවා යැයි කියන්නේ ආගම ධර්මය සහ යහපැවතුම් අපේ ජීවිතවලට බද්ධ වෙලා නැහැයි කියන එකයි. අපි කවදා හැදෙිද?
මෙහෙමත් කාලකණ්ණින්...!
දඬුවම් වැඩි කරළ අලුත් ලෝකෙ දේවල් ඒක්ක දරුවන්ට කාන්තාවන්ට කරදර නොකර අවශ්‍යතා ඉටුකරගත හැකි අන්දම දැනුවත් කළ යුතුයි. මද කිපෙන පිරිමින් සඳහා විශෙෂ ස්ථාන ලබා දිය යුතුයි. මේ උණුසුම් රටවලට ආවම සුද්දන්ටත් මවිල් කෙලින් වෙන ඒක ස්වභාවිකයි