
වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි.
සෞදියේ මත්පැන් තහනමක් සිදුවූයේ 1950 වසරේදීය. එදා සෞදියේ රජු වූයේ බ්දුල්ලාසීස් ය.
මත්පැන් තහනම් කිරීමට හේතු වූයේ, රජුගේ පුතු මිෂාරි කුමරු, මත්පැන් පානය කර, ජෙඩා නුවර, බ්‍රිතාන්‍ය උප කොන්සල් නිලධාරී සිරිල් ඔස්මන් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුවය.
මේවනවිට සෞදිය, සංචාරක මෙන්ම ව්‍යාපාරික ගමනාන්තයක් බවට පත් කිරීමට ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පියවර ගෙන ඇත. මත්පැන් අලෙවිසැල විවෘත වූයේ එම වැඩපිළිවෙළට සමගාමීවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඅප්පට නියමයි! සෞදි කසිප්පු නිෂ්පාදනයට විශාල පාඩුවක්...!