IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 39 කට පසු මොස්කව් සිනමා උළෙලට ලාංකික චිත්‍රපටයක්

(ඩයනා උදයංගනී)

වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත.

ඒ අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා  නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.

 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල මෙම මාසයේ පැවැත්වෙන අතර, මාරියා චිත්‍රපටයේ  අන්තරජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලේදී සිදු කිරීමට නියමිතය.

රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන ”මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල" දැනට ලොව පවත්වන න අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර කැපී පෙනෙන සිනමා උළෙලකි .

ධර්මසේන පතිරාජයන් 1976 වර්ෂයේ දී නිර්මාණය කරන ලද ''එයා දැන් ලොකු ළමයෙක්'' සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1983 දී  විසින් නිර්මාණය කළ ''යුගාන්තය'' යන චිත්‍රපට දෙක මීට පෙර මෙම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කර ඇත. 

''යුගාන්තය'' චිත්‍රපටයෙන් වසර 39 කට පසු මෙම උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මාරියා චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.

මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මුහුද මධ්‍යයේ වන අතර, එහි කාන්තා චරිත කිසිවක් නොමැතිවීම විශේෂත්වයකි. 



අදහස් (3)

වසර 39 කට පසු මොස්කව් සිනමා උළෙලට ලාංකික චිත්‍රපටයක්

anil Thursday, 11 August 2022 07:28 PM

Never heard that name... probably produced for film festivals only. No idea how they even qualify without even premiering in the country of origin. So sad.

:       6       9

Nilantha GamageThursday, 11 August 2022 09:43 PM

ශ්‍රී ලංකාවේ විනිසුරුවන් ඊට සහභාගීවන්නේ නෑ. ඒ නිසා, කණගාටු වෙන්න දෙයක් නෑ.

:       5       11

sharm warn Friday, 12 August 2022 11:35 AM

මේ ලිපියේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි මෙහි රඟපාන නලුවන්ගේ නම් සදහන් නොකිරීම.. එකෙන් ඒ රංගන ශිල්පීන්ට කරන්නේ ලොකු අසාධාරණයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site