(අංජුල මහික වීරරත්න)
වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති පැවතුනේ නැති අතර ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලමු සබ්මැරීන් කේබලය ලංකාවට පැමිණ අවුරුදු හතලිහකට වැඩියි... ඒත් නීතිය තාම නැතිලු.... ලංකාව කොයිබටද යන්නේ කියල තේරෙනව නේද?
මේ වගේ මොට්ට ඇමැතිලා කරන වැඩ අපිට කිසිම විශ්වාසයක් නැහැ. අලුත් ආණ්ඩුවට ඕවා කරන්න දීලා යන්න ගෙදර...
වෙන ගේමකට ලෑස්ති වෙන්නේ