(ගයාන් සූරියආරච්චි)
වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති.
නිසි කාලයට උසස්වීම් නොලැබීම හේතුවෙන් සැලකිය යුතු නිලධාරීන් පිරිසක් නඩු මගට යොමුවී ඇති බව ද නිලධාරීහු පවසති.
කොස්තාපල්වරයකු ලෙස සේවය ආරම්භ කර සැරයන්, උප පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිසක් පත්වීම් නොමැතිව කනස්සල්ලෙන් පසුවන බවද ඔවුහු කියති.
සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට කොස්තාපල් තනතුර දක්වා මෙම අර්බුදයට මැදිවී සිටින බවත් උසස්වීම් ලබාදීමේ ඵලදායී ක්‍රමවේදයක් තවමත් සකස් නොමැති බවත් ඔවුහු පවසති.
අවසන් වරට 2018-2019 වසරවලදී 26,000 කට අධික පොලිස් පොඩ්ඩන් පිරිසක් කොටස් තුනක් යටතේ උසස්වීම් ලැබූ අතර අතර එහිදී ද සමහර කොස්තාපල්වරුන් උසස්වීම් ලැබූවේ වසර 24 කින් පමණ පසුව බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ලැබුනත් වැඩක් නැහැ ,දැන් ශ්‍රීලංකා පොලිසියට ජනතා ගෞරවය පොඩ්ඩක්වත් නැහැ
ප්‍රතිපත්ති සම්පාදකයින් යනු පොලිසියේ ඉහළම වෙළඳ නාම ඇතුළුව මෙයට වගකිව යුතු පුද්ගලයින් ය.
පොඩ්ඩන්ගේ ගැටළුවක් වුණාට මේක මහ අයගේ ගැටලුවක් නොවේ... මහ අයට හරියටම දිනයට ඒ පැයට දීමනාත් සමගම උසස් වීම් ගරු සරු ඇතිව ලැබෙනවා. පොඩ්ඩන්ට පැය විසිහතරේම ඒ වෙනුවෙන් මෙහෙයුම් නියෝග ලැබෙනවා... ඔබලා කරලා අපිව ඉහළටම යවහල්ලා කියනවා වගේ...!