(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ඔහු බන්ධනාගාරයෙන් රාත්‍රී කාලයේ විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද පැවසීය.
රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ එක්කෙනෙක් ගැන පාර්ලිමේන්තුවේ කතාකරන එකද? වසන්තට රටේ නීතිය අනුව කටයුතු කරයි...
පුතාණෝගේ අප්පච්චි සලකපු විදිහ පුතාණෝට අමතකයි. ඔය අන්තරේ මන්තරේ පිටිපස්සේ ඉන්න එක්කෙනෙක් තමයි මෙයා. හිටපු හමුදාපතිටත් ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ. මේ ඔක්කොම එකතු වෙලා කරන්නේ අපේ මවුබිම අගාධයට ඇදලාදාන එකයි. මේ සේරම අපතයින්...
වසන්ත මුදලිගේ කරපු රාජ්‍ය විරෝධී ක්‍රියාව රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිවීම.
රාජ්‍ය විරෝධී ක්‍රියාව මොකද්ද දන්නවද? රටේ විපක්ෂ නායකතුමාට පහරදීමට ජනතාව පෙළඹවීම...
මුලු රැළක් වෙනුවෙන් මිනිස්සු අවදිකළ මිනිස්සු වෙනුවෙන් ඔබතුමා පෙනී සිටීම අගය කරනවා.
බයි වහල්ලුන්ට අරගලය එපා වුණාට රනිල් කරගෙන යන වැඩේ නම් අන්තිම කැතයි... පුළුවන් නම් ඡන්දයකට යන්න ඉන්න 225 සහ රනිල් යන්නම ඕනෑ...
ජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත දේශපාලුවන්ට විරුද්ධව උද්ඝෝෂණ කිරීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක්ද? දූෂිත පවුල් පාලනේ, දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා රටම කාබාසිනියා කෙරුවා. ඔවුන් දේශද්‍රෝහියන්ටත්, ත්‍රස්තවාදීන්ටත් වඩා අන්තයි...
වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අත්අඩංගුවේ තබා ගැනීමට කළ අපරාධ මොනවාදැයි දැන ගැනීමට ද අපි කැමැත්තෙමු. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ "නීත්‍යානුකූලව විරෝධතා දැක්වීම" පුද්ගලයෙකුගේ අයිතියක් බවයි. ඉතින් කවුද මෙතන මානව හිමිකම් කඩ කරන්නේ..