
(විමුක්ති එස් රුද්‍රිගු)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය .
අරගලය අවස්ථාවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිනි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා හතක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව කොටුව පොලිසිය 2022 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සියලු චෝදනා ඉහටත් උඩින් තියෙන, අරගල නමින් ගෙවල් ගිනි තියන්න මිනිස්සු උසි ගන්නපු කට්ටිය දැන් ආණ්ඩු කරන එකේ මේ මුදලිගේ කෙනෙක් අල්ලාගෙන මොන විහිළුවක් කරනවද?