IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසන්ත මුදලිගේ අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුලු දෙදෙනකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.

2022 පෙබරවාරි මස 27 දින උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු විරෝධතාවක සම්බන්ධ නඩුවක අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේත.ුවෙන් නිකුත් කර තිබු වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම වෙරෙන්තුවට අනුව කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

 



අදහස් (6)

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

gamunu Thursday, 27 July 2023 08:31 PM

වසර 36කට පෙර 1987දීත් පලත්සබා අත්සන් කිරීමෙන් පසු ඉන්දියාවට රට වික්කා, දැන් ලංකාව ඉන්දියාවේ කොලොනියක් කියලා තරුණයන් දහස් ගණනක් ජිවිත නැතිකිරීමට සහ මහජන දේපල විනාශ කරමින් රට ආර්ථිකව කඩාවැටීමට නායකත්වය ලබාදුන් jvp, පෙරටුගාමී, අන්තරේ වැනි අන්තවාදී පක්ෂ සහ කණ්ඩායම් ඉන්පසු පළාත් සබා වලට තරග කර පලත්සබා මැතිවරණයට පවා ඉදිරිපත් විය. රටේ මෑත ඉතිහාසය පිළිබද නිසි අවබෝදයක් නොමැති වසන්ත මුදලිගේ මේ වනවිට සිදුකරමින් / නිරත වෙමින් සිටින්නේද එදා jvp විසින් සිදුකල අන්තවාදී කටයුත්තකට බව පෙනෙන්නට ඇත.

:       10       9

විජේFriday, 28 July 2023 02:17 PM

පළාත් සභා කියන්නෙ නකුට පශ්චාත් භාගයේ රදවා ගත් J R ප්‍රමුඛ වද අලි රැල විසින් ඉන්දියාවෙ බලපෑමට සම්මත කරන් ලද හෙනයක් මිස විසදුමක් නොවේ. ඒ සදහා බලපෑ ආසන්නතම සිදුවීම වූයේ එජාප කුලී මැරයන් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් ඇතිකරන ලද කලු ජූලියයි. එයට විරුද්දව ජවිපේ තරුණයන් 6000 පමණ සටන් කිරීම නිසා ඔවුන්ද සමගින් අහිංසක තරුණ තරුණියන් 66000 පමණ එජාප නිල සුනඛයින් විසින් අතිශය ම්ලේච්ඡ අන්දමට මරා දැමුනි. නම ගැමුණු උනාට වැඩක් නෑ ඇත්ත ඉතිහාසය දන්නෙ නැත්නම්. එජාපය අදටත් උත්සහ කරන්නේ ජන්ද කල් දමමින් එම ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමටයි

:       0       3

ජනක Thursday, 27 July 2023 09:31 PM

අර්ජුන් මහෙන්ද්‍රන් කියලා පිටරටක එකෙක් ලංකාවේ මහ බැංකුව කඩලා උසාවි නෑවිත් පැනලා ගිය වෙලෙත් ලංකාවෙ පොනීසිය මේ වගේම ඒකවත් කුදලන් ආවා මතකයි

:       6       14

කිරිපුතා Friday, 28 July 2023 12:01 AM

විශ්විද්‍යාලයේ ඉන්නකම් පාරෙ. දැන් හිරේ. මේ මනුස්සයා තමන්නවත් රටටවත් මොකුත්ම කරන්නෙ නැද්ද. නැත්නම් NGO ජාවාරම් කාරයෙක්ද ?

:       6       8

Lalla Friday, 28 July 2023 08:49 AM

මේ පුද්ගලයා සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට හරිම බාධාවක්. තම පෞද්ගලික මතය මහජන මතය ලෙස පවත්වාගෙන යාම අන්අයට වධයක් වීම වලක්වන්න රටේ නීතියට බැරිද?

:       8       9

Alex Friday, 28 July 2023 11:30 AM

කුරුදුවත්ත පොලිසිය කුරුදුවත්තේ දී අත්අඩංගුවට ගත්තේ වසන්තයා ඉන්නේ කුරුදුවත්තේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site