IMG-LOGO

වාසනා හස්තියා සුභ මොහොතින් යදමින් මිදෙයි

 

(කේ. ඩී. දේවප්‍රිය)

 මාස 4 ක කාලයක් සිට ගස් බැඳ තැබූ,  රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා සුභ මොහොතින් යදම් වැල්වලින් මුදවා කඳ සුරිඳුගේ පෙරහැර මංගල්‍ය සඳහා සුදානම් කරවීම අද (13) සිදුවිය.

 
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂිත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙයි. බැතිමතුන් මෙම අලින්ට කෑම බීම දීම මඟිනුත්, අලි ඇතුන් අතපත ගෑම මඟිනුත් ඔවුන්ට ආශිර්වාදයක් ඇති බව දැනෙන බැවින්  කතරගමට එන කවුරුත් වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන්ට කෑම බීම දීමට හුරුව සිටිති.
 
කතරගම දේවාලයේ ඇසළ  මාසයේ  පැවැත්වෙන පෙරහැර මංගල්‍යන්  හැම එකකදීම දෙවියන් වැඩම වන්නේ වාසනා හස්තියාය. මෙම වාසනා හස්තියාටත් දෙවියන්ගේ පින්  බලයෙන් දැඩි සත්කාර බුහුමන් නොඅඩුව ලැබේ.වාසනා මංගල කුළයෙන් එන ඇත් රාජයෙකි. උපන් ප්‍රදේශය අනුරාධපුරයයි. දැනට අවුරුදු 45 කි. දළ යුගල අඩි දෙක හමාරකි. ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් විශාලම හස්තියකු වන වාසනා 1978 දි  විමලා කන්නංගර මහත්මිය විසින් දේවාලයට පුජා කරනු ලැබීය. වාසනා හස්තියා වසර 45 ක් පුරාවට දෙවියන් වැඩමවීම සිදුකරමින් පවතී. වනයේ සිටින අලි ඇතුන් මෙන්ම වාසනා ප්‍රමුඛ දේවාලයේ අලි ඇතුන් ද කම්බුල් තෙමීම නම් රෝගයට වසරකට වරක් ලක්වෙති.
 
මෙම අවස්ථාව ඉතාම අලංකාරවත්ව සිදු කරනුයේ මඟුල් ගෙදරක සිරියක්  මවා පාමිනි.  අලි ඇතුන්ට වසරකට වරක් වැළදෙන කම්මුල් තෙමීමේ රෝගය හෙවත් මද කිපීම වාසනා හස්තියාටද වසරකට වරක් සිදුවනඅතර එම අවස්ථාවේදී ඇතා පිස්සකු මෙන් හැසිරෙයි.  මෙම හේතුව මත ඇතා මාස කීපයක් ගසක බැඳ දමා සාත්තු සප්පායං කරමින් රැක බලා ගන්නා බවත් වාසනා හස්තියා රැක බලා ගන්නා ඇත් ගොව්වා වන අජිත් අසෝක ලියනගේ මහතා පැවසීය.

ඇතා ගසින් ලිහන අවස්ථාවේ දි කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ පැමිණ සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාදය කරති. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා වාසනාට රසකැවිළි ලබා දී සංග්‍රහ කිරීමේ චාරිත්‍රය ඉටුකිරීමද අපූර්ව දසුනකි.
 
ඇතා ඉදිරිපිට කිරි මුට්ටියක් උතුරවාලීමෙන් පසුව බැඳ තැබු යදම් ගලවා ඇතා නහවා කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දෙයි. පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා  දෙති.
වාසනා හස්තියා දෙවියන් වැඩම වන අතර කිසිදු කලබලයක් නොදක්වන හස්තියෙකි. 1989 දී කතරගම පෙරහැරට බෝම්බ ගැසූ අවස්ථාවේ දී ඇතුටත් තුවාල සිදුවිය. එහෙත් දෙවියන් වැඩම වු කරඬුවට කිසිදු හානියක් නොවන අයුරින් ඇතා දේවාලය වෙත තනියම පැමිණියේය. වාසනා කිතුල් හකුරු කෑමට ප්‍රියතාවයක් දක්වයි. මෙම ඇතා තවමත් කිසිදු අයකුට අනතුරක් කර නොමැත.
 
අද පැවති මෙම අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්දහිමි, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ, කතරගම දේවාලයේ කපුමහතුන් වන ලලිත් ටී රත්නායක, පියුෂාන් රත්නායක යන මහතුන් ඇතුලු දේවාල කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.



අදහස් (8)

වාසනා හස්තියා සුභ මොහොතින් යදමින් මිදෙයි

Sujatha Monday, 13 July 2020 09:38 AM

ගැහැණු දෙන්නෙක් ප්‍රසිද්ධියේ තියාගෙන ඉන්න දෙවියෙක් හින්දා කැලේ අලියෙකුටවත් නිදහසේ ඉන්න බැහැ. මහලොකුවට හැම ආගමකම කියනවා කියන්නේ.., ආදරය, කරුණාව... ඒත් නැත්තේම ඒක තමයි. මේකේ වටේ ඉන්න කට්ටිය මාස 4ක් ගස් බැඳලා තිබ්බා නම් කොහොමද..? අන්න එ්ක තරම්වත් තේරුම් ගන්න බැරි තිරිසනුන් ටිකක්...

:       0       0

ලුම්බිණි Monday, 13 July 2020 09:41 AM

මාස 4 ක කාලයක් මේ සතා විඳපු දුක කතරගම දෙයියන්ටවත් පෙනුණේ නැති එකනේ පුදුමේ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 10:00 AM

මේ හස්තියා පෙරහැරේ ගමන් කරනා විට පෙරහැරට අමුතු අභිමානයක් ලැබෙනවා. මේ හස්තියා විලංගුලා සිටින අවස්ථාව මා දැක තිබෙනවා. මද කිපෙන කාලයට අලි ඇත්තු හරි ප්‍රචණ්ඩයි. ඒත්, මේ සතුන් මේ විලංගු වලින් බැඳ තැබීමෙන් ඔවුන් විඳින දුක සුළුපටු නොවේ. අපගේ සම්ප්‍රදාය රැකීමට මේ සතුන් මොනතරම් දුකක් විඳිනවද? ඔවුන් කැලේ සිටියානම්, මේ දැවැන්තයන් ස්වභාවික සැප සම්පත් විඳිමින් හිතේ හැටියට ජලයේ බැස පිහිනමින්, ඒ මේ අත දුවපනිමින්, ස්වභාවික දේ කමින් බොමින් මොනතරම් සතුටක් ලබනවද? මේ තත්ත්වය සංවේදී ආකාරයෙන් මිනිසා වටහා ගන්නා තෙක් මෙම සතුන් මෙසේ දුක් විඳිනු ඇත. මේ සතුන් විඳින දුක මිනිසුන් දේව පූජාවක් කර ගත්තාට දෙවියන් හෝ එය අනුමත නොකරනු ඇතැයි සිතෙන්නේ මට විතරද?

:       0       101

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 10:00 AM

මේ හස්තියා පෙරහැරේ ගමන් කරනා විට පෙරහැරට අමුතු අභිමානයක් ලැබෙනවා. මේ හස්තියා විලංගුලා සිටින අවස්ථාව මා දැක තිබෙනවා. මද කිපෙන කාලයට අලි ඇත්තු හරි ප්‍රචණ්ඩයි. ඒත්.., මේ සතුන් මේ විලංගු වලින් බැඳ තැබීමෙන් ඔවුන් විඳින දුක සුළුපටු නොවේ. අපගේ සම්ප්‍රදාය රැකීමට මේ සතුන් මොනතරම් දුකක් විඳිනවාද? ඔවුන් කැලේ සිටියානම්, මේ දැවැන්තයන් ස්වභාවික සැප සම්පත් විඳිමින් හිතේ හැටියට ජලයේ බැස පිහිනමින්,ඒ මේ අත දුවපනිමින්, ස්වභාවික දේ කමින් බොමින් මොන තරම් සතුටක් ලබනවද? මේ තත්ත්වය සංවේදී ආකාරයෙන් මිනිසා වටහා ගන්නා තෙක් මෙම සතුන් මෙසේ දුක් විඳිනු ඇත. මේ සතුන් විඳින දුක මිනිසුන් දේව පූජාවක් කර ගත්තාට දෙවියන් හෝ එය අනුමත නොකරනු ඇතැයි සිතෙන්නේ මට විතරද..?

:       0       101

thilak Monday, 13 July 2020 10:20 AM

ඇතුන්ට ඇතිවන "මද කිපීම" ඔවුන්ට තිබෙන රෝගයක් හෝ වෙනයම් දෙයක් නොව... එය ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේ සාමාන්‍ය තත්වයක් පමණි. මෙම කාලය තුළදී සාමාන්‍යයෙන් සිදුවන්නේ අලි, ඇතුන් සංසර්ගයේ යෙදීමයි. එබැවින් එවැනි අවධියකදී ඇතුන් ගස් බැඳ තැබීම හෝ පුද පූජා පවත්වීම අර්ථයක් නැති දෙයකි.

:       0       20

පූජා Monday, 13 July 2020 12:32 PM

මට හිතෙන්නේ වාසනා හස්තියාට දෙවියන්ගේ ඇල්මක්, බැල්මක් වැඩියෙන් තියෙනවා කියලා. ඒකයි එයා කාටවත් කරදරයක් අනතුරක් නොකළේ. පෙර ආත්මයක කළ පවක් නිසා හස්තියෙක් වෙලා ඉපදුණත්, ලබන ආත්මයේ, එයා මනුස්ස ආත්මයක් ලබා බොහෝ පිං රැස් කරගෙන බුදු සමිඳුන්ගේ සරණ යනවා නියතයි.

:       0       101

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 15 July 2020 08:19 AM

පූජා, මේ ක්ෂීරපායි දැවැන්තයන් පුදුම සංවේදීත්වයක් දක්වන අය. මා දන්නා පුදුම සිද්ධියක් කියන්නම්... මේ රටේ ප්‍රසිද්ධ දේවාලයක පෙරහැරකදී අලියෙකු කුලප්පු වුණා.. මිනිසුන් බිය වී සීසීකඩ ඒ මේ අත දිව්වා. අලියා සෙනඟ අතර කාවද සෙව්වා.. පුංචි දරුවෙක් ළඟ දණ ගැසූ අලියා එම දරුවා වෙත උක් ගස් කෑල්ලක් දුන්නා.. අවසානයේදී තමයි සත්‍යය හෙළි වුණේ. මේ දරුවා පෙරහැරේ යන අලියාට තමන් කකා හිටපු උක්ගස් කෑල්ල දී තිබෙනවා.. ටිකක් දුර ගියා අලියා එය තමන් නොකා මේ දරුවා ගැන දුක සිතී නැවත හැරී ගොස් දරුවා සොයා උක් ගස් කෑල්ල දී තිබෙනවා.. බලන්න පූජා, මිනිසුන් වන අපට වඩා කරුණාවක් මේ දැවැන්ත තිරිසන් සතුන් තුළ තිබෙනවා නේද? මෙන්න මේ වැනි හේතු නිසා මේ සත්තුන්ට මම මගේ පණ මෙන් ආදරේ කරනවා. මේ ගොල්ලන් දිහා මොනතරම් වෙලා බලා සිටියත් ඇතිවන්නේ නැහැ. මේ ගොල්ලන් ගැන තවත් රසවත් සිද්ධි මා දන්නවා.

:       0       102

පූජාThursday, 16 July 2020 09:00 AM

සමිත, ඔයා කීව කතාව විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අලියා කියන සත්වයා, බුද්ධිමත් සත්වයෙක් කියා විශ්වාස කරන නිසානේ, සමහර ආගම්වල මෙයාව බුද්ධියට අධිපති කියලා වන්දනාමාන කරන්නේ.. මම අහලා තියෙන කතාවක් ඔයාට කියන්නම්... අලියෙක් වීදියක පෙරහැරක ගමන් කරද්දී සිදුවුණු අනුවේදනීය කතාවක්... මේ සිදුවීම මම හිතන්නේ බොහෝ කලකට පෙර මහනුවර පෙරහැර පවත්වපු දිනවල කියලයි අහලා තියෙන්නේ.. මෙම ඇතාට කිසිවකු විසින් හුණු තවරපු පොල් බෑයක් දීලා තිබෙනවා. අලියා සන්සුන්ව වෙනසක් නොපෙන්වා ගිහින් තිබෙනවා.. මෙයා සෑම අවුරුද්දකම, බලාගෙන ඉඳලා තියෙනවා. හුණු මිශ්‍ර පොල්බෑය දුන්නු කෙනාව අහුවෙනකම්... අවුරුදු ගාණකට, පසුව ඒ කෙනාව හඳුනාගෙන හොඬවැලෙන් ආදලා අරන් පොළවේ ගැසුවාලු.. ඔයා මේ කතාව අහලා තියෙනවාද.? බලන්න සමිත, මෙයාලගේ හැසිරීම් පුදුමයි නේද?

:       0       112

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1098 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site