(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා  සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති  විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු  බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

කතානායකවරයා මෙම දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.