
(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි.
මෙසේ මියගොස් ඇත්තේ යුදහමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවෙන් කෝප්‍රල් හේරත් නමැති අනුරාධුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.
ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ කදවුරු බැදිම සදහා (01) දින එම කදු වැටියට ගිය පිරිසක් ග්‍රේට් වෙස්ටර්න් කන්දේ එක් පසක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මල සිරුරක් දැක තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුමට අනුව එම මළ සිරුර සොයාගත්තේය.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දැනුමත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතා ලිදුල පොලිසියට අද (2) දින නියෝග කළේය.
මල සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා අධික්ෂණය යටතේ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ ආපරාධ ස්ථාන පරික්ෂාගාර නිලධාරින් සහ ලිදුල පොලිසියේ නිලධාරින් සිරුර දැඩි පරිශ්‍රමයක් දරා යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සහයෝගයෙන් කදු මුදුණේ සිට රක්ෂිතයෙන් පිටතට රැගෙන එනු ලැබුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හද සසල කල පුවතක් .ජීවිතය තන අග පිනි බිඳු වැනිය .අවදානම් වැඩවලට ඕනෑම වෙලාවක සූදානම් පිරිසක් තමයි යුද හමුදා සොල්දාදුවන් .තමාට පැවරුණු රාජකාරිය ඉටුකොට ජීවිතයට සමුදුන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
ඇත්තෙන්ම ඉතාම කණගාටු දායක පුවතක්. අපේ රටේ මේ වගේ අවස්ථාවන් කලමණාකරණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව, සහ තාක්ෂණික සම්පත්වල හිගයක් තියෙනවා. මල සිරුර ලීයක ගැට ගසා ගෙන ආකාරයක් දැකිය හැකියි! මෙය වෘත්තිය මට්ටමේ අවස්ථාවක් නොවේ! - මේ සඳහා විශාල පිරිසක් එහි ගොස් ඇති බවද ඡායාරූප වලින් දැකිය හැකියි, මෙසේ කිරීම අවශ්‍ය දැයි සිතිය යුතුය.
මෙවැනි මෙහෙයුමකදී තම කාර්ය බාරය මැනවින් ඉටුකර ජීවිතයට සමුදුන් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. උතුම් වූ නිවන් සුවයම ළඟාවේවා.. !
පව් ඒ මැරුණු කෙනා...!