
(චාපා මධුභාෂිණී සහබී.ජී.චතුරංග)
වස්ගමුව වනෝද්‍යානය වනසමින් මහා පරිමාණ කංසා ජාවාරම්කරුවන් කංසා හේන් යායක් දින දෙකක මෙහෙයුමකින් පසු වස්ගමු වනෝද්‍යාන නිලධාරීහු විසින් සොයා ගනු ලැබූහ.
එහිදී මහා පරිමාණ කංසා ව්‍යාපාරිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වනෝද්‍යාන නිලධාරීහු පැවැසූහ.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සුදු කන්ද පාමුල ඝන වනාන්තරය අක්කර ගණනක් විශාල කැලෑව විනාශ කර මෙම කංසා හෙන් පවත්වගෙන ගොස් ඇත.
අක්කර පහක පමණ භූමියක හොඳින් වැඩුණු කංසා ගස් ලක්ෂයක් පමණ ගිනි තබා විනාශ කළ බව ද ඔවුහු පැවැසීහ.
අත්අඩංගුවට ගත් කංසා ව්‍යාපාරිකයෝ ඇඹිලිපිටියේ පදිංචිකරුවෝ වෙති.
කංසා හේන් වගාවට සම්බන්ධ තවත් පිරිසක් එහි රැඳී සිට ඇති අතර ඔවුන් පැන ගොස් ඇත.
කූඩාරම් කීපයක් එ ඒ අවට තනාගෙන මාස ගණනාවක් එහි රැදී මෙම ජාවාරම සිදු කර ඇත.
එහි එක් කූඩාරම අලෙවියට සූදානම් කර තිබූ ගංජා කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වෙනෝද්‍යාන නිළධාරීහු පවසති.
වස්ගමුව රක්ෂිත ප්‍රදේශයේ විශාල භූමියක කැලය කපා ගිනි තබා එහි කංසා වගා කර ඇති බවට ලද රහසිගත තොරතුරකට අනුව දින දෙකක තිස්සේ මහ මඟ ගෙවා කංසා වගා කර ඇති ප්‍රදේශයට ළඟා වූ බව වැටලීම සිදු කළ නිලධාරිහු පවසති.
හොඳින් නොවැඩුණු කුඩා පැල සහිත තවත් විශාල භූමියක් ඒ ආසන්නයේම වූ බව ඔවුන් වැඩිදුරටත් කීය.
මෙම කංසා තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ආසන්න බව වනෝද්‍යාන බාර නිලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ ගිනි තිබ්බේ.. ඕවා සල්ලි නේද?
අර ඩයනා මේ ගැන දන්නවාද? ඔය කට්ටියට දඬුවම් දේවි පින්පතිට කියලා...!