(සුමිත් පොතුපිටිය)
පොලිසියේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කල බව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කල කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.
පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා ගේ අත්සනින් මූලික විමර්ශනයකට යටත්ව වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.
අදාල පොලිස් කොස්තාපල්වරයා ඊයේ (19) රාත්‍රි ශ්‍රවණාගාරයේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තවදුරටත් ඔහුගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී රෝස පාට කුඩා ග්‍රොසරි බෑගයක බහා තිබූ කුඩා ගංජා පාර්සලයක් ද පොලිස් භාරයට ගත්බව පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විස් රටේ ගංජා ඉරීමට විශේෂ කඩ පේලියක් අනුමත කර දී ඇත... එහි ගොස් ඉරීමට කිසිම තහංචියක් නැත. ඖෂධ ගුණය නිසා එය අනුමත කර ඇත. [ ඉංග්‍රීසි වචනය "හෙම්ප්"..] ගංජා කොළයෙන් හදන 'ෂැම්පු' භාවිතා කලාම ඉස්හොරි හැදෙන්නේ නැත. මුහුණ හේදුවම කුරුලෑ හැදෙන්නේ නැත. ගංජා ඉරුවහම ගැහැනුන්ගෙ මාසිකව හැදෙන චක්කරේ වේදනාව අවම කරයි..! ඉතින් පාර්ලිමේන්තුවේදී 'ඩයනා' කළ ඉල්ලිම අනුමත වුනොත් අත්සන ගහලා කොස්තාපල්ගේ වැඩ තහනම් කල පොලිස් අධිකාරී කාර්‍යාලයම නුදුරු අනාගතයේදීම එහි ගබඩාව වීමට බොහෝ දුරට ඉඩ ඇත... එවිට ගංජාවලට කියන ඉංග්‍රීසි වචනය දාලම ඔතන හැමෝම සැලූට් ගහාවි..!
බයවෙන්න එපා ඩයනා මැඩම් ඔබට සුදුසු රැකියාවක් සොයලා දේවි.
එක් පළාත් පාලන ආයතනයක මුරකරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා .ඔහු ඔහොම කටයුතු කලා. ඔහුගේ වැඩ තහනම් කර මූලික විමර්ශනය කලා. එහිදී ඔහු වැරදි කරු වීම නිසා සේවයෙන් පහකලා. රාජ්‍ය සේවයේ දරුණුම දඩුවම දෙන්නෙ මත්ද්‍රව්‍යවලට තමයි .එය ක්‍රියාත්මක කරන්නෙ අදාල ආයතනයේ විනය බලධාරීන් විසිනි
මේ රටේ මත් ද්‍රව්‍ය නැති කරන්න පොලිසියට බෑ කියන එක දැන් තහවුරුයි නේද?
පොලිසියේ අය ගංජා භාවිතා කරලා... පාසල් දරුවන්ගේ පොත් බෑග් බලන්න... හරිම අපූරුයි...