(ෂේන් සෙනෙවිරත්න)
වෙසක් සතිය වෙනුවෙන් සුරාසැල් වසා තිබියදී බලපත්රෙ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කරමින් සිටි මහනුවර කටුකැලේ ප්‍රෙද්ශයේ ප්‍රධාන බාලිකා පාසලක් අසල සුරාසැලක් වැටලූ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එම වැටලීම අද (04) සවස සිදු කෙරුණ අතර පොලිස් උපාය දූතයකු මාර්ගයෙන් මත්පැන් බෝතලයක් මිලදී ගෙන එම වැටලීම සිදුකොට තිබුණි .
එම මත්පැන් අලෙවි සැල සුරාබදු නීති කොන්දේසි උල්ලංඝණය කරමින් මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ඉදිරි විමර්ෂන කටයුතු සිදු කිරීම සඳහා සුරා බදු නිලධාරීන්ට පැවරීමට පොලීසිය පියවර ගත්තේ ය .
මධ්යීම පළාත භාර ජ්යෙරෂ්ඨ නියෝජ්යි පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහනුවර කොට්ඨාස භාර ජ්යෙයෂ්ඨ පොලිස් අධිකාරී සී. කේ. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මහනුවර මුලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ වැටලීම සිදු කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ ඕවා බොහොමයක් පොහොට්ටු බලධාරීන්ට අයත් ඒවා තමයි ඉතින් මොනවා කලත් කිසිවක් වෙන්නෙ නැහැ නිදොස් කොට නිදහස් වෙනවා