(යොහාන් භාසුර)

රටපුරා වෙසක් කලාප ස්ථාපිත ප්‍රදේශ සහ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන පුජනීය ස්ථාන ආවරණය වන ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) විශේෂ බස් රථ සේවාවක් අද (5) සිට 8 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසීය.

එම විශේෂ බස් රථ සේවය මේ මස 8 වැනිදා දක්වා පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.