
(යොහාන් භාසුර)
වෙසක් පොහොය යෙදී ඇති ලබන ඉරිදා දින (15) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (13) පස්වරුවේ පැවසීය.
පැය 5 ක විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ ද ක්‍රියාත්මක වන බවත් වර්ෂාව ලැබෙමින් තිබීම නිසා පැය 10 ක 12 ක විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බවත් රත්නායක මහතා කීය.
ඉදිරි සති දෙක තුන තුළ විශාල වර්ෂාවක් ලැබෙන බවට වාර්තා පළවී ඇති බව කී රත්නායක මහතා පැවසුවේ බලාපොරොත්තු වන වැසි ලැබුණ හොත් විදුලි නිෂ්පාදනයෙන් සියයට 60 ක් පමණ ජල විදුලියෙන් සම්පූර්ණ කරගැනීමේ හැකියාව ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර කට ඉස්සර වෙන්නේ නැතුව ඉන්නවද? ගියසැරේත් විදුලිය කපන්නේ නැහැයි කියලා අනාගත්තා මතකයිද?...