
(වී.ඒ.නිශ්ශංක)
වීසා බලපත්‍ර නොමැතිව සීදූව අමන්ළුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව රැඳී සිටි බංගලිදේශ සංචාරකයින් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ස්ථානාධිපති ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මේ රටට සංචාරය සඳහා පැමිණ ඇති ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව පිණිස හෝටල් සහ ලැගුම්හල් සෝදිසි කිරීමේදී විශේෂ වැඩසටහනක් අනුව සිදුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම අවස්තාවේදී වීසා නොමැතිව බංගල දේශ ජාතිකයන් පස්දෙනාට රැදීසිටිමට පහසුකම් සැලසූ ලැගුම්හල් හිමිකරුවාව ද එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
134
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විසා නැතිව ලංකාවේ සිටි බංගලියෝ පහක් මාට්ටු
රම්බොඩ Wednesday, 30 October 2024 12:10 PM
ඔවුන් නම් අතිශය අන්තවාදීන් . විශ්වාස කළ නොහැකියි. අත්අඩංගුවට ගත්ත එකනම් රටේ ආරක්ෂාවට ඉතා හොඳයි .
යෝගා Wednesday, 30 October 2024 12:24 PM
මීගමුවේ ඉඳන් වත්තලට හෝටල්වල, අවන්හල්වල කුස්සිවල වැඩ කරන්නේ බංගලි, ඉන්දියන්, පාකිස්ථාන් අනවසර සංක්‍රමණිකයින්. පොලිසිය ඇස් පියාගෙන ඉන්නේ...!
de silva berlin Wednesday, 30 October 2024 03:15 PM
අර සමහරු ඕස්ට්‍රේලියාවේ අපේ ගෙදර, අපේ වාහනේ, මේ දවස්වල මට රස්සාවක් නැහැ. නමුත් මට ආණ්ඩුවෙන් ගාණක් දෙනවා... මම හොඳට ඉන්නවා. මම රට ආවේ අහවල් ඒජන්සියෙන් කියලා දමන utube වීඩියෝ.., දැකලා ලංකාවේ මිනිස්සු පෝලිමේ ගිහින් හොර ඒජන්සිවලට මිලියන ගණන් බඳිනවා වගේ..., ලංකාවේ වීසා නැතුව අහුවෙලා නඩු වැටුණත් සමහරුන්ට නම් V8 වාහන, පැට්‍රල් නොමිලේ, රජයේ නිල නිවසක් දෙනවා... පාර්ලිමේන්තු යන්නත් පුළුවන් කියලා ආරන්චි වුණු නිසා බන්ගලියෝත් ආවද දන්නේ නැහැ... මෙහේ සැප විඳින්න..
මලින් Wednesday, 30 October 2024 04:17 PM
පානදුරේ වෙරලෙත් ප්‍රසිද්ධ රෙටුරන්ට් එකක වැඩ කරන්නේ බංගලි ජාතිකයන්. හොයල බලන්න.
de silva berlin Thursday, 31 October 2024 02:13 PM
යුරෝපේ රටවල් එකතුවෙලා හදාගෙන තිබෙන යුරෝපා සංගමය කියල රටවල හවුලක් එම හවුලේ රටවල් අතරේ භාණ්ඩ හුවමාරු කරනකොට බදු අයකරන්නේ නැහැ. සාමාජික රටවල පුරවැසියන්ට පුළුවන් අනෙක් රටේ නැවතිලා වැඩ කරන්න. නමුත් ඔවුන් ආදායම් බදු ඇතුළු අනෙක් බදු ගෙවන්න ඕනේ ජිවත්වන රටේ පුරවැසියන් කරන ආකාරයට එකෙන් පුරවැසියන්ට විශාල වාසියක් වෙනවා. ගොවියන්ට, නිෂ්පාදකයන්ට පුළුවන් වෙනවා කරදරයක් නැතුව තම නිෂ්පාදන යුරෝපා සංගමය පුර අලෙවි කරන්න. සංගමයේ සාමාජික රටවල ජීවත්වෙන පාරිභෝගිකයන්ට පුළුවන් වෙනවා එම සාධාරණ මිලකට ලබාගන්න. අපේ සාර්ක් සංගමය කියල එකක් තිබුණට එකෙන් ව්‍යවසායකයාට හෝ පාරිභෝගිකයාට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. එම නිසා ලංකාවේ පුහුණු ශ්‍රමය සහ භාණ්ඩවල මිල ඉතා විශාල ලෙස වැඩිවෙනවා. මේක ආර්ථිකයට බලපානවා. සාර්ක් රටවල සාමාජික රටවල් අතර භාණ්ඩ සහ සේවා හුවමාරුකරගන්නා නිදහස් වෙළද ගිවිසුම අවශ්‍ය වෙනවා .