(රෝෂන් තුෂාර)
ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.
සැකකරුවන් ගම්පොල පොලිස් කොට්ඨාසයේ ගලහා දෙල්තොට ග්‍රේඩ්වැලි වත්තේ නිවසක සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පිරිමි පුද්ගලයන් පස්දෙනකු හා කාන්තාවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගැනීමේ පෙරටුවකට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd