(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට. වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු පාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
ප්‍රධාන සැකකරු වන (26) හැවිරිදි විවේකා නන්දල මධූෂන් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12524 ක් සමග වත්තල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු වන (32) හැවිරිදි රත්න කුමාර් නිශාන්තන් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11393 ක් සමග කොටහේන ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා සමඟ සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd