(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැලැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වු අතර එය වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ICE වැනි විෂ මත්ද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වීම පමණක් නොව රට තුලම ( hidden laboratories ) නිෂ්පාදනය කිරීමටද හැකියාවක් පවතී. පොලිසිය යොදවා පාසල් තුල සොයාබැලීම ප්‍රයෝගිකව කිරීමට 100% අපහසු වේ. එම නිසා පුහුණු සුනකයන් යොදවා ගැනීම කලයුතු වේ. අඩු කාලයකින් සමස්ත පාසලම ආවරණය කිරීමට සුනකයන් හට හැකියාව පවතී.
භවිතා කරන අයව හොයනවා ට වඩා ලේසි නැත්ද ගෙන්වන අයව හොයල අල්ලන එක ? හැබැයි ඉතින් කවුද දන්නේ ගෙන්වන්නේත් ඔය හොයන අයමද කියලා.
මොනවද මේ විහිලු , මොන කාර්යසාධක බලකාද. අර අනුර කුමාර කියනවිදියට දාපල්ල හොද පොලිස් බල්ලො මත් ද්‍රව්‍ය අල්ලන්න පුරුදු කරපු ගුවන් තොටුපලට , කොටින්ගෙ නාවික බලය විනාශ කරපු නාවික හමුදාවක් අපිට තියෙනව. ඉතින් රට ඇතුලට එන අයිස් වගේ සෑම මත් කුඩ්ඩක්ම අපට අල්ලන්න පුලුවන් . අපේ දේශපාලුවො මේවට හවුල් ඒකයි මෙතන හේතුව
නිකන් බොරු නොකර ඉන්නවද. රටට පේන්න නිකන් බයිලා කියනවා. ඕවා නවත්තන්න උවමනාවක් තියෙනවනම් පුළුවන්. ඔච්චර උවමනාවක් තියෙනවනම් අර ඉන්ටෙර්පොල් ඒකෙන් අල්ලපු මහා කුඩු ජාවාරම් කාරය නිදහස් කරනකම් මෙහේ නිලධාරීන් බුදියන් හිටියේ ඇයි. ඒ ගැන නිකමටවත් කව්රුවත් කථා නෑ. ළමයි ගේ බැග් චෙක් කරනවා මේවා විහිළු. ලැජ්ජයි. මේවා එන මාර්ග වහන්නේ නැත්තේ ඇයි. මේවා උපරිමයට ගියාම තමයි ඇස් ඇරෙන්නේ. අතීසාරයට අමුඩේ ගහන වැඩ නොකර මහා පරිමාණයෙන් මත් ද්‍රව්‍ය එන මාර්ග වැහුවනම් හරි. ඒවා නොකර ඉන්නේ කුමක් හෝ හේතුවක් ඇති.
සරත් ෆොන්සේකා මහත්තයට ඔය වැඩේ බරදුන්නනම් ඕකුන් ඔක්කොම අල්ලල සුද්දම කරලා දෙයි. පොලිසියට ඕවා කරන්න හය්යක් නෑ. පොලිසියේ මහත්තුරු අල්ලන්නේ පොල් ගෙඩියක් කොස් ගෙඩියක් ගත්තු කට්ටිය තමයි. පොඩි ළමයි ගේ බැග් චෙක් කරයි. ඕය වගේ වැඩ තමයි ශ්‍රීලංකා පොලිසිය කරන්නේ. හොඳ කොන්දක් තියෙන, කෙලින් වැඩකරන්න පුළුවන් පොලිස්ති තුමෙකුගේ අවශ්‍ය තාවය දැන් තදින්ම දැනෙනවා.