(මලිත් රාජපක්ෂ)

කන්තලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 කිසියම් ඇට වර්ගයක් අනුභව කිරිමෙන් අනතුරුව  හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද රෝහල් ගත කළ බව කන්තලේ මුලස්ථාන පොලිසිය සදහන් කළේය.

පාසලේ එක් සිසුවකු විසින් විදේශගතව සිටි තම මව විසින් විදේශ රට සිට ගෙන්න ලද ආමන් ඇට යැයි කියමින් එම සිසුවකු විසින් නිවසින් රැගෙන ආ  බීජයක් ආහාරයට ගැනීමෙන් පසු ඔවුන්ට විවිධ රෝගී තත්ත්වයන් හටගෙන ඇති බවත් කන්තලේ මුලික රෝහලේ ප්‍රකාශයකු සදහන් කළේය.

මුලික ප්‍රතිකාර සදහා කන්තලේ මුලික රෝහලට ඇතුළත් කරන ලද සිසුන් 22 දෙදෙනා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කරන බවත් රෝහලේ ප්‍රථිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් සදහන් කළේය.