මාරවිල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් වේදනා නාශක පෙති 34ක් බිව් පුහුණුව ලබන වෛද්‍යවරියක ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරියගේ මව පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ මාරවිල පොලිසියට පැමිණිල්ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරයා තම දියණියට නිතර දොස් පැවරීම හේතුවෙන් ඇය සිත්තැවුලට පත්වී වේදනා නාශක පෙති 34ක් පානය කර ඇති බව සඳහන් කර ඇතැයි පැවසේ.
මේ පිළිබඳව මාරවිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නිර්මලා ලෝගනාදන් මහත්මියගේ විමසීමට උත්සාහ දැරුවද ඇය නිවාඩු ලබා සිටියාය.
පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ දිනූෂා ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇය මෙසේ කීවාය. මේ පුහුණුවන වෛද්‍යවරිය වේදනා නාශක පෙති වගයක් බිව්වා කියා දැන ගන්න ලැබුණා. විශේෂඥ වෛද්‍යවරයා යටතේ පුහුණුව ලබමින් ඇය මෑතක සිට මාරවිල රෝහලේ සේවය කරනවා.
මේ වෛද්‍යවරිය වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තිබෙන්නේ රුසියාවේ හා පිලිපීනයේ. මාරවිල රෝහලේ සමහර කටයුතු කරන්න ඇයට අමාරු ඇති. රෝගීන්ට සිදුවන අවදානම ගැන සලකා සමහර අවස්ථාවල ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ඉගෙන ගන්නා අයට තදින් කතා කරනවා. අවවාද කරනවා. කියා දෙනවා. සමහර විට මේ තත්ත්වය ඇතැම් අයට දරාගන්න අමාරු වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වෛද්‍යවරිය ගැන වෛද්‍ය සභාවට දන්වලයි තියෙන්නේ. පෙති බීපු වෛද්‍යවරියගේ තත්ත්වය ගැනත් සොයා බලා කටයුතු කරනවා.
වෛද්‍යවරියගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.
හේතුව පැහැදිලියි. ඇය වෙනත් රටකින් උපාධිය අරගෙන ආපු නිසා ඇයව දැඩි සේ පීඩාවට පත් කරන්නට ඇති. හැම තැනකම ඉන්නේ එම පීඩාව සාධාරණයි කියන නිළධාරින් නිසා ඇයව තව තවත් අසාධාරණට ලක්වේවි. වෛද්‍යවරුන් නොවන වගකිව යුතු රජයේ නිළධාරින් මේ ගැන මධ්‍යස්ථව සොයා බැලිය යුතුය.
මානසිකව දුර්වල කෙනෙක් වෙන්න ඇති රුසියාවේ හා පිලිපීනයේ ඉගෙනගත් නිසා කොහමත් අමාරු ඇති
බැනවදීමක් ද? අවවාද කිරීමක්ද? පුහුණුවන වෛද්‍යවරුන්ට බැනවැදීම නොකලොත් තමන්ගේ අඩුපාඩුවක් ලෙස සමහර ඉහළ වෛද්‍යවරු කල්පනකරනවා. බැනවැදීම අශෝභානෛ .අවවාද කිරීම වඩා යහපත්.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලද පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධිය සම්පුර්ණ කල අයෙකුට මාරවිල රෝහල වැනි කුඩා රෝහලක සේවය කිරීමට කොහොමද අපහසු වෙන්නේ? විශේෂයෙන්ම ඔය කියන මාරවිල රෝහලේ රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට හා රැක බලා ගැනීමට යයි කියා දිනපතා කුලියට පිටස්තර කාන්තාවක් එක රෝගියෙකුගෙන් රුපියල් 2000ක් පමණ අය කරමින් එක දිනකදී, රෝගීන් කිහිප දෙනෙකු ගෙන් මුදල් අයකරගෙන විශාල මුදලක් ගසා කමින් රෝහලේ සාත්තු සේවිකාවන්ගේ අනුදැනුම ඇතිව (ලාභය බෙදා ගනිමින්), විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව රෝහල් පාලනාධිකාරිය දැනුවත්ද?
යකෝ මැරෙන්න ඕන පෙති ගාණවත් දන්නේ නැතුව, මුන් කොහොමද ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ??
බැනල ඉවර වෙලා මම තදින් කතා කළා කියල අත පිහිදාගන්න එක තමයි ලංකාවෙ පිළිගත් මතය. මේක කොන්දොස්තරගේ පටන් දොස්තර දක්වා සෑම ඔලුව උදුම්ම ගත්ත වසලයො කරන ලැජ්ජ නැති වැඩක්. මම අහන්නෙ ශිෂ්‍යයෙකුට යමක් කියා දෙන්න බැන වදින්න අවශ්‍යද?
ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ඉගෙන ගන්නා අයට ගණන් දැමීම ලංකාවේ අනාදිමත් කාලයක සිට වෙන දෙයක්... මෙය බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන්ගේ හීනමානය වසා ගැනීමට කරන දෙයක්...
යකෝ කන පැලෙන්න ගහලා ඕන බෙහෙතක් බීපල්ලකෝ... එතකොට අර දොස්තරයාට ගැහැණු ටොක්කා කියලා ජීවිත කාලයටම නමක් ලැබේවි..!!
අනේද කියන්නේ.... බැලුවාම උගත් අයත් බොලද වැඩ කරනවනේ හැබෑට....