
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුරදී දිවයින පුරා පිළිකා සම්බන්ධ සායනික කටයුතු බිඳ වැටීමට නොදී පවත්වා ගෙන ගිය නමුත් කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය එක්කයේ ශල්‍යකර්මවලට බාධා පැමිණුන බව විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද එම සංගමය පැවැසුවේය.
පැමිණිල්ල බාරදුන් දිනට පසුදින කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට යමින් සිටියදී වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතාට සේවකයන් කීපදෙනකුගෙන් ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.
වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා එල්ල වන අයුරින් අඛණ්ඩව විවිධාකාරයෙන් වන හිරිහැර කිරීම් පිළිබඳව කනගාටුවට පත්වන බවත් මෙම සිදුවීම් පිළිබඳව හදිසි අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසත් හැකි ඉක්මනින් ශල්‍ය ඒකකයේ වැඩ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින් විශේෂඥ වෛද්‍ය සංගමය කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙම රෝහලේ කම්කරුවන් සම්පූර්ණයෙන්ම වැරදියි කියලා කියන්න පුළුවන් ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ කාන්තාව සේවයෙන් පහකිරීමට කටයුතු කරන්නම ඕන
සේවිකාව වර්ජන වලට සහබාගි වෙලා රාජ කාරී කල බවට පොත අත්සන් කරන්න ඇවිල්ලාලු
පිළිකා රෝග විශේඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ දෙවිකෙනෙක් වැනි උත්තමයෙක්... ඔය දේශපාලන පත්වීම් අරන් ආපු සේවිකාවන්ගේ කෙරුවාව බලන්න වාට්ටුවකට ඇතුල් වෙලාම බලන්න ඕනෑ. අද වෛද්‍යවරයා රිමාන්ඩ් එකේ. හෙට ඔහු රට හැරලා යන එක කිසි කෙනෙකුට නවත්වන්න බැහැ. ඔය කාලකන්නි කාන්තාවට පුළුවන්ද ශල්‍යකර්ම කරන්න. පිළිකා ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි...!