(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂ නියෝග විස්සකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ අනුමැතියට හෙට (6) ඉදිරිපත් කෙරේ.
මෙසේ ඉදිරිපත් කෙරෙන්නේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග, වෙළෙඳ නැව් පනත යටතේ නියෝග 13 ක් සහ නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝගයන්ය.
මෙම විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වේ.
පාර්ලිමේන්තුව හෙට (6) සිට ලබන 9 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය ලබන 7 වැනිදා පැවැත්වේ.
හෙට (ජූනි 7 වැනි බදාදා) හැර අන් සෑම දිනකම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන් කරනු ලැබ ඇත.
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග, ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ලබන 8 වැනිදා බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
ඉන්පසු විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය.
එසේම රටේ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීම සඳහා වූ යෝජනාවද ඉදිරිපත් කිරීමට නියමිතය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ලබන 9 වැනි දා සිකුරාදා විවාදයට ගැනේ.
ඒ අනුව රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මහතාගේ යෝජනාවද වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ යෝජනාවද , සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් කිංස් නෙල්සන් මහතාගේ යෝජනාව සහ දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම පිළිබඳ රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ යෝජනාවද මෙසේ විවාදයට ගැනෙනු ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විශේෂ නියෝග විස්සක් හෙට මැතිසබයට