(අංජුල මහික වීරරත්න)
බලශක්ති අමාත්‍යවරයාට පමණක් විශ්වාස විශ්වාසභංග යෝජනාවක් ගෙන එමෙන්ම විපක්ෂය මෙි කරන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් දැයි බරපතළ සැකයක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව පාර්ශව දෙක තුනකට කැඩී ඇති මොහොතේ විශ්වාස භංගයක් ගෙන ඒමෙන් බෙදී සිටින පිරිස යළි එකතු වනු ඇති බව කී මහලේකම්වරයා විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ තෙල් මිල අඩු කරන්න හෝ ජනතාවට සහන දෙන්න යන කාරණා කිසිවක් නොමැති බවද සඳහන් කළේය.
හරිනම් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ සමස්ත ආණ්ඩුවම ගෙදර යැවීම අරමුණු කරගෙන බව කී මහ ලේකම්වරයා විපක්ෂයේ ළපටි නායකයන්ට මේ කාරණයවත් තේරුම් ගැනීමට නොහැකිවීම පුදුම සහගත බවද සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවා ආණ්ඩුවට කවුද කඩේ යන්නේ කියලා....?
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත. මේක විශ්වාසය ඇති කරන යෝජනාවක් මිස භංග කරන එකක් නොවේ. ඡන්ද විමසීමේදී බලන්න පුළුවන් වෙන දේ. පුතාණෝ දිගටම අනා ගන්නවා.
රනිල් පාර්ලිමේන්තු යන එකත් රාජපක්ෂ කොන්ත්‍රාත්තුවක් නේද?