(අංජුල මහික වීරරත්න)

කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බව  ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට හොඳ අවස්ථාවක් බව කී අමාත්‍යවරයා එබැවින් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බව සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනි.