
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද (7) පෙරවරුවේ පැමිණියේය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ඉතාමත් අවදානම් තත්වය තුළ සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු සියලුම පුරවැසියන් සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන ලෙස ආරාධනා කරන බව එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් පාපැදිවලින් විරෝධතා පෙළපාලියකින් පැමිණි අවස්ථාව.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂයිලොක් න්‍යායයෙන් 6%ක් ඉල්ලපු, විශ්ව විද්‍යාලයෙන් මැට්ටන් බිහි කරන්න දායක වන, පශ්චාත් උපාධි සඳහා යැයි කියමින් විදෙස් ගත වී නිකරැණේ විදේශ මුදල් කාබාසිනියා කර විශ්ව විද්‍යාලයට පොලු තියන, තමන් සමඟ වැඩිපුර ඇඟෑලුම් පාන සිසුවියන්ට විභාගවල දී වැඩිපුර සලකන මේ විහිලුකාර රැල ද රටේ විදේශ මුදල් හිඟතාවට වගකිව යුතුය.
ආචාරියෝ විශ්වකුලේ වැඩ ඇතහැරලාද? ආචාරියෝ නවසීලන්ත තානාපතිත් බයිසිකලේ ගියා ආවා. ඒ කාලේ බයිසිකල් පැද්ද නිසානේ දැන් පදින්නේ නැතුව එකපාරට පුරුදු වුනායෑ නේද...?
ඔය වැඩේට හමුදාව, පොලිසියත් හවුල්කර ගත්තොත් නම් අර රුසියාවේ සර් පාලනේ එළෙව්වා වගේ මේ ටික පන්නන්න පුළුවනි... නැතිව නම් වැඩක් වෙන්නේ නැහැ. කඳුළු ගෑස් කාලා ගෙදර යන්න තමයි වෙන්නේ...!
තෙල් ගහන්න පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට එන්න කිව්වා නම් කොහු, ඉදල්, මන්න, කැති, පොරෝ එහෙමත් අරන් එයි...
ශ්රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ඉතාමත් අවදානම් තත්වය අප සියලුදෙනාම සියලු පුරවැසියන් අවබෝදකරගෙන සිටිමු. ජනාධිපතිවරයා ඉවත්කිරීම විරෝධතා ව්‍යාපාරයට කල නොහැකිබව ඔවුන් අවබෝදකරගත යුතුවේ. ගොටබය පර්ලිමෙන්ටුව තුලින් වැඩි චන්දයෙන් පත්කළ ජනාධිපතිවරයකු නොව ඔහු පත්වී තිබෙනුයේ මහජන චන්දයෙනි. එය ලක්ෂ 69කි . ඔහු ඉවත්ව නොයන්නේ නම් ඔහු ඉවත්කළ හැකිවන්නේද මහජන චන්දයෙනි. රනිල් අගමැතිවරයා වුයේ වෙනත් කිසිදු දේශපාලකයකු හෝ කිසිදු දේශපාලන පක්ෂ නායකයකු අගමැති තනතුර බාරගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවේය. අගමැති තනතුර අනුර දිසානායකට හෝ වෙනත් කෙනෙකු බර ගන්නේනම් රනිල් අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පාර්ලිමේන්තුව තුලදී පැහැදිලි ප්‍රකාශයක් කර තිබියදීත් සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මැදිහත්ව සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරය අනවශ්‍ය අර්බුදයක් වෙත ජනතව පෙලබවීමක්, කුපිත කරවීමක් මගින් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමකට කුඩා කණඩායමක උත්සහයක් බව පැහැදිලි වේ
දියුණු රටවල් විශ්ව විද්‍යාල පෞද්ගලික කරන්නේ මේ නිසා....නිකන් හිටියත් ස්ට්යික් කරත් පඩි හම්බවෙනවා .. අලුත් දෙයක් හොයාගත්තත් නැතත් පඩි හම්බවෙනවා... රටේ දුප්පත් මිනිස්සු, දවසේ පඩියට ජීවත් වෙන මිනිස්සුන්ගේ බදු සල්ලි විශ්වවිද්‍යාල ගුරුවරු , ළමයි එකතු වෙලා නාස්ති කරනවා.
අනිවාරෙයෙන් අසමත් පාලකයන් එලවන්න හැම පන්තියකම ජනතාව එකතු වෙන්න ඕනා. අනාගතයේ රට භාරගන්න බලන් ඉන්න නායකයන්ටත් පාඩමක් ඉගෙන ගන්නම ජනතාව එක් වෙන්න ඕනා.