IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට බසිති

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් කොළඹ මහජන පුස්තකාලය දක්වා අද (7) පෙරවරුවේ පැමිණියේය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ඉතාමත් අවදානම් තත්වය තුළ සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු සියලුම පුරවැසියන් සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන ලෙස ආරාධනා කරන බව එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් පාපැදිවලින් විරෝධතා පෙළපාලියකින් පැමිණි අවස්ථාව.

(ඡායාරූප: ශාන්ත රත්නායක



අදහස් (11)

විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට බසිති

මැක්ස් Thursday, 07 July 2022 05:29 PM

ෂයි⁣ලොක් න්‍යායයෙන් 6%ක් ඉල්ලපු, විශ්ව විද්‍යාලයෙන් මැට්ටන් බිහි කරන්න දායක වන, පශ්චාත් උපාධි සඳහා යැයි කියමින් විදෙස් ගත වී නිකරැණේ විදේශ මුදල් කාබාසිනියා කර විශ්ව විද්‍යාලයට පොලු තියන, තමන් සමඟ වැඩිපුර ඇඟෑලුම් පාන සිසුවියන්ට විභාගවල දී වැඩිපුර සලකන මේ විහිලුකාර රැල ද රටේ විදේශ මුදල් හිඟතාවට වගකිව යුතුය.

:       0       0

Bamunuarachchi Thursday, 07 July 2022 06:13 PM

ආචාරියෝ විශ්වකුලේ වැඩ ඇතහැරලාද? ආචාරියෝ නවසීලන්ත තානාපතිත් බයිසිකලේ ගියා ආවා. ඒ කාලේ බයිසිකල් පැද්ද නිසානේ දැන් පදින්නේ නැතුව එකපාරට පුරුදු වුනායෑ නේද...?

:       38       96

සත්‍ය ගවේෂී.Thursday, 07 July 2022 10:54 PM

නමින් බමුණා උනාට විශ්ව විද්‍යාලයක් ළඟින්වත් ගිහින් නැති වර්ග වාදී ජාතිවාදී පොහොට්ටු ගැත්තෙක් කවදා මේ උගතුන් කරනා දේවල් ගැන අවබෝධ කරන්නද නේද ?

:       0       0

SiriFriday, 08 July 2022 05:01 AM

බමුණා ගල් බමුණා වගේ ඉන්නවා. නැත්නම් 9 වෙනි දාට කරන වැඩේ බලාගතහැකි!

:       0       0

sharm warnMonday, 11 July 2022 09:44 AM

බමුණෝ... දැන් මොකද කියන්නේ? දැන් මේවා කිව්වට ගෙවන්න කවුරුවත් නැහැ.

:       0       0

chandima Thursday, 07 July 2022 06:55 PM

ඔය වැඩේට හමුදාව, පොලිසියත් හවුල්කර ගත්තොත් නම් අර රුසියාවේ සර් පාලනේ එළෙව්වා වගේ මේ ටික පන්නන්න පුළුවනි... නැතිව නම් වැඩක් වෙන්නේ නැහැ. කඳුළු ගෑස් කාලා ගෙදර යන්න තමයි වෙන්නේ...!

:       0       0

chandima Thursday, 07 July 2022 08:22 PM

තෙල් ගහන්න පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට එන්න කිව්වා නම් කොහු, ඉදල්, මන්න, කැති, පොරෝ එහෙමත් අරන් එයි...

:       2       8

sharm warnMonday, 11 July 2022 09:45 AM

තෙල් ගහන්න පෝලිම්වල දවස් ගණන් හිටපු අයට මෙහෙම එකතු වෙලා පාරට බහින්න මොලයක් සහ කොන්දක් තිබුණේ නැති නිසා තමයි පෝලිමේ ලගින්න වුණේ... අඩු ගානේ මේ කොල්ලෝ කෙල්ලන්ගෙන් වත් ඉගෙන ගත්තද මන්දා...? ගොන්කමේ තරම සහ කොන්ද කඩාගෙන වහල්කමට බැහැලා ඉන්නේ කියලා...

:       0       0

Gamunu Thursday, 07 July 2022 09:26 PM

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ඉතාමත් අවදානම් තත්වය අප සියලුදෙනාම සියලු පුරවැසියන් අවබෝදකරගෙන සිටිමු. ජනාධිපතිවරයා ඉවත්කිරීම විරෝධතා ව්‍යාපාරයට කල නොහැකිබව ඔවුන් අවබෝදකරගත යුතුවේ. ගොටබය පර්ලිමෙන්ටුව තුලින් වැඩි චන්දයෙන් පත්කළ ජනාධිපතිවරයකු නොව ඔහු පත්වී තිබෙනුයේ මහජන චන්දයෙනි. එය ලක්ෂ 69කි . ඔහු ඉවත්ව නොයන්නේ නම් ඔහු ඉවත්කළ හැකිවන්නේද මහජන චන්දයෙනි. රනිල් අගමැතිවරයා වුයේ වෙනත් කිසිදු දේශපාලකයකු හෝ කිසිදු දේශපාලන පක්ෂ නායකයකු අගමැති තනතුර බාරගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවේය. අගමැති තනතුර අනුර දිසානායකට හෝ වෙනත් කෙනෙකු බර ගන්නේනම් රනිල් අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පාර්ලිමේන්තුව තුලදී පැහැදිලි ප්‍රකාශයක් කර තිබියදීත් සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මැදිහත්ව සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරය අනවශ්‍ය අර්බුදයක් වෙත ජනතව පෙලබවීමක්, කුපිත කරවීමක් මගින් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමකට කුඩා කණඩායමක උත්සහයක් බව පැහැදිලි වේ

:       0       0

chathu Friday, 08 July 2022 06:46 AM

දියුණු රටවල් විශ්ව විද්‍යාල පෞද්ගලික කරන්නේ මේ නිසා....නිකන් හිටියත් ස්ට්යික් කරත් පඩි හම්බවෙනවා .. අලුත් දෙයක් හොයාගත්තත් නැතත් පඩි හම්බවෙනවා... රටේ දුප්පත් මිනිස්සු, දවසේ පඩියට ජීවත් වෙන මිනිස්සුන්ගේ බදු සල්ලි විශ්වවිද්‍යාල ගුරුවරු , ළමයි එකතු වෙලා නාස්ති කරනවා.

:       0       0

Prasheen Friday, 08 July 2022 07:27 AM

අනිවාරෙයෙන් අසමත් පාලකයන් එලවන්න හැම පන්තියකම ජනතාව එකතු වෙන්න ඕනා. අනාගතයේ රට භාරගන්න බලන් ඉන්න නායකයන්ටත් පාඩමක් ඉගෙන ගන්නම ජනතාව එක් වෙන්න ඕනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 104 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 20 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1276 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 199 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 566 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 768 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1401 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site