(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ගමන් වියදම් හොස්ටල් ප්‍රශ්න ආදී ආර්ථික ප්‍රශ්න නිසා බොහෝ සිසු සිසුවියන් විශ්ව විද්‍යාලවලට නෑවිත් ගෙවල් වල ම සිටින තත්ත්වයක් ඇති වී තිබෙන බව කී අමරසූරිය මෙනවිය රටට නායකත්වය දෙන්න ඉන්න පරපුරක් මෙවැනි තත්ත්වයකට පත් වීම කනගාටුදායක බවද පැවසීය.
මෙවැනි තත්ත්වයන් වල ප්‍රතිඵල භුක්ති විදින්නට සිදු වන්නේ වසර කිහිපයක් ගිය පසුව බව පැවසූ හරිනි අමරසූරිය මෙනවිය මන්දපෝෂණ ප්‍රශ්නයට මුහුණ දීමේදී තෝරාගත් පිරිසකට පමණක් නොව මීට වඩා සැලසුම් සහගත ලෙස රජය ඊට මැදිහත් විය යුතුව තිබෙන බවද කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කාලා ඉතුරු කරගන්න සල්ලි වලින් මොකද කරන්නේ කියලත් හොයන්න
අන්න ඒක නම් හුඟාක් හොඳයි .අහන්නත් සතුටුයි .මෙහෙම හරි ඔය "නවකවදය " පාලනය වීම ගැන අපි ඉතා සතුටු වෙමු
එතකොට කැට හොල්ලලා එකතු කරන සල්ලි වලට මොකද වෙන්නේ?
එයාලා බතුත් කනවද?
කැම්පස්වල ඔයාලා කරවන නවකවදය නවත්තලා පෙන්නුවොත් ඔයාට අපේ පොඩි මාමව සෙට් කරලා දෙන්නම්, හා ද?
අර ජනපතිගේ තරුණ වේදිකාවට ගියානම් හරි...
මෙතුමිය දන්නවා එක් බත් පැකට් එක දෙතුන් දෙනෙක් කනවා කියලා... සමහර දෙනෙක් එකක් කාලා අනෙක කනවා. ඒකත් කාලා තවත් එකක් කනවා. ඒත් එතුමිය ඇයගේ නැත්නම් ඇය සේවයේ යෙදෙන හෝ යෙදුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවුරුදු පහකින්වත් උපාධිය ගන්න බැහැ කියලා (තොත්ත බබා නිසා) දන්නේ නැහැ... සමහර දරුවන් අවුරුදු හතක්, අටක් පමණ සාමාන්‍ය උපාධියවත් ගන්න බැරුව දුක් විඳිනවා. මම දන්නා දරුවෙක් එකම වසරේ කැම්පස් ඇතුළට ගොස් එයාගේ කැම්පස් එකේ ඉගෙනුම ලබද්දී ඒ සමග වෙනත් කැම්පස්වලට ගිය යහළුවන් බොහෝ පිරිසක් දැනට රජයේ උපාධිධාරීන් ලෙසට රැකියා කරනවා. ඒ නිසා දරුවන්ට පමණක් නොවෙයි, ඒ අයගේ දෙමාපියන්ට පවා සමාජයට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙනවා. මෙතුමිය ඒවා ගැනත් බලනවා නම් ඔය කතාව පිළිගන්න පුළුවන්... මුන්දෑ තමන්ගේ ඇහේ පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්දක් අදින්න හදනවා...
එහෙම අඩුවෙන් ආහාර ගත් සිසුවියන්ට සහ සිසුන්ට නවක වදය ලෙස ලැබුණේ පිට්ටනිය වටේ දිවීමට යි.
එදත් අදත් එක කැම පිඟානේ අඩුව (මදි පාඩුව) අරන් දෙන්නා කනවා.. ෆුල් බත් එක දෙන්නා තුන් දෙනා කනවා...
අද ඔය කරදර කාටත් තියෙනවා. අද එක වේලක් විතරක් කන පවුල් කීයක් රටේ ඉන්නවද?
නූගත් ආණ්ඩුවට කඩේ යන කාලකන්නින්ට කොහෙද මේවා තේරෙන්නේ
හාමුදුරුවන්ට වගේ පිනට අපිට විශ්ව විද්‍යාලයට යන්න හම්බවෙන්නෙ නෑනේ
අපි අවුරුදු 20කට කලින් කැම්පස් යනකොටත් හැමෝම ගෙවල් වලින් ගේන බත් දහයක් විතර එකතු වෙලා අනලා ඒකෙන් කන්න කියපු මානසික ලෙඩ්ඩු හිටියා. දැන්නම් දෑවැදි එක්ක බැඳලා, ප්‍රයිවට් ප්‍රැක්ටිස් රෑ වෙනකම් කරලා කොළඹ, නුවර ගෙවල් හදාගෙන ඉන්නෙ නවක වදයටත් විරුද්ධයි
ඕක ඉස්සර කාලෙත් තිබුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ නැතුව දේශපාලනය කරපු අයත් හිටියා. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න එවුන්ට ඉගෙන ගන්නනොදී අවුරුදු ගණන එක තැන පල්වෙවී ඉගෙන ගන්න කෙනාට වලකපපු අයත් හිටියා.. දැන් ඒ අය හිරේ. අහිංසක දරුවන්ට නවක වදේ දීලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය එපා කරපු අයත් හිටියා. මේ ඔක්කොම නිදගස් අධ්‍යාපනය නිසා වෙනදේවල්...