(රංජන කස්තුරි)
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විශ්ව විද්‍යාල යළි ආරම්භ කරන ලෙසත් උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බව ද එම අමාත්‍යංශය සඳහන් කියයි.
විශ්ව විද්‍යාල සිසුන්ට මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) හරහා සිදු කරන අධ්‍යාපන කටයුතු පිළිබඳව සහ එහි ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී උපකුලපතිවරුන් එම ඉල්ලීම කළ බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
එම සකච්ඡාවට බස්නාහිර පළාතේ උපකුලපතිවරුන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 12 න් ඉහළ ළමුන්ට එන්නත්කරනය ලෝකේ ඇතැම් රටවල පටන් අරන්. අපටත් තියෙන එකම මග ඒක. වෙන කරන්න දෙයක් නෑ. සිසු සිසුවියන් කියන්නේ රටේ අනාගතය...
මාර්ගගත අධ්‍යාපනය හරහා විෂය කරුණු යම්තාක් දුරකට ලබාදිය හැකියි. නමුත් ඔවුන්ට වසරකට වැඩි කාලයක් ප්‍රායෝගික පරීක්ෂණ අතහැරී ඇත. තවද මාර්ගගත විභාග වල ගුණාත්මකභාවය ගැටළු සහගතයි. වසර 3 හෝ 4 අවසානයේ ලොව පිළිගත් සුපිරි උපාධියක් ලබාදීමට මාර්ගගත අධ්‍යාපනය ලංකාවට තවම පරිණත නැත. පාසල් අධ්‍යාපනයටද මෙම කරුණු අදාලයි. ඔවුන් ද වසරකට වැඩිකාලයක් වාර විභාග 4 කට මුහුණ දී නැත. දරුවා, ගුරුවරයා සහ දෙමව්පියන් සැබවින්ම දරුවාගේ අධ්‍යාපන මට්ටම කෙලෙසදැයි ප්‍රමාණාත්මකව නොදනී. කොවිඩ් නිසා ආර්ථිකයට වන මෑතකාලීන බලපෑමට වඩා අධ්‍යාපනය ක්‍රමවත් නොවීම නිසා රටේ අනාගතයට දිගුකාලීනව සිදුවන අහිතකර බලපෑම අතිශය විශාලයි.