
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.
ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.
විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.
ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා.
අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු පසුව ඇප මත මුදා හැරුණා.
ඇප මත මුදාහැර සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ පස්වරුවේ යළි අත්අඩංගුවට ගත්තේ කළගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.
ඒ ඇප මත මුදා හැර සිටියදී ඇප කොන්දේසි කඩවන අයුරින් තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන්.
එම සිදුවීමත් සමඟ රත්නපුර විමල බුද්ධි හිමි හෙවත් සැකකරු ශිෂ්‍යභාවයෙන් හා නිකායෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වෙනිදා ඒකමතිකව තීරණය කර තිබුණා.
ඒ ඔහු පැවිදි කරවූ උරුවල විනීත හිමියන් සිදුකළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව, අග්ගමහා පණ්ඩිතය මකුලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහනායක මහනාහිමියන් ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් මහණ කරනකොට එම පුද්ගලයා මානසික දුර්වලතා සහිත අයෙක්ද? නැද්ද? කියලා විමසීමක් ඔය නිකායේ ඇත්තෝ කරන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ? සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ චිත්ත කාරක සඳු දුර්වල වුනාම, නැත්නම් උපතේදී කේතුගේ නැකතක සඳු හිටියෝත් ඔහොම පිස්සො හැදෙන්න පුළුවන් කියලා අහන්න ලැබුණා... කොහොම වුණත් මල්ලි කිව්වාට ඊටත් වඩා දෙයියන්ගේ මල්ලි මේ කාලයේ ප්‍රබලව ඉන්න නිසා ඒකත් මේකට හේතුවක් වෙන්න පුළුවන්ද බැලුවොත් හොඳයි... කොහොම හරි දෙයියන්ගේ මල්ලි සම්බන්ධ නම් ඒක වෙන්නේ කොහොමද බලන්න කෙනෙකුට තනිවම බියක්, සැකයක් නැතුව මෙහෙම කරන්න අමාරුයි...!
ඇයි යකෝ මුට හිර ගෙදර ඇඳුම අන්දවන්නේ නැත්තේ
මුගලන් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක දුස්සීල භික්ෂුවක් බෙල්ලෙන් අල්ලලා විනය කර්ම කරන් ස්ථානයෙන් එළියට දැම්මා. මහා නායක හිමිවරුන් මේ ශාසන සංශෝධනයට කාලයයි
දෙවන වර සහ තුන්වන වර සමාව මෙයාට නැද්ද?
සිවුරු පොරවාගෙන අර ප්‍රසිද්ධියේ රා බොන ව්‍යාපාරික කහකඩ හොර ගණයට ඔය නීතිය අදාළ නැද්ද ?
ශාසනයෙන් නොවෙයි, බෞද්ධ සාසනය රැක ගන්න නම් මොවුන් ජීවිතයෙනුත් එළවා දැමිය යූතුයි.
අසහනයෙන් ඉන්න හිරකාරයෝ ළඟට දැම්මා නම් හොඳටම ධර්මය කියාදීලා ... දුන්නා නම් හොඳයි... අන්න ඒක කළා නම් පාහරගති නැතිව යයි.
ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු යමු
ලංකාවෙ මෙහෙම බෞද්ධ සාසනය එකක් තියනවද එකෙන් මොකද්ද මිනිස්සුන්ට වෙන සෙත. සත පහක වැඩක් නැති දේශපාලුවන්ට කඩෙ යන්න විතරයි. ඔය බෞද්ධ සාසනය තියෙන්නෙ.
ඔය තීරණ ඥාණසාර ,සමන්ත බද්‍ර වගේ අයටත් ගත්තානම් මේවා මේ තරම් වැඩි වෙන්නේ නෑ
"බුදුදහමට" ට අපහාස කරන බවක් මා දැක නැත. ඔහු විවේචනය කළේ, සාමාන්‍ය පුද්ගලයාට වඩා නරකම හාමුදුරුවරුන් . සමහර වක්‍රාකාර හාමුදුරුවරු තරහින් වගේ. ඒත්, ඒක තිත්ත ඇත්ත.
මානසික ලෙඩෙක් වගේ
මෙයාට පෝළිමක් දාන්න ආසයි...!