(රෝෂන් තුෂාර)
සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන " ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.
අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත.
සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09) නියෝග කළේය.
සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(01) වගන්තිට ගැනෙන වරදක් නොවන බවට නිගමනය කරමින් මෙම ඇප ලබාදීම සිදුකරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය .
සම්මුති පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට,හා එසේ විමර්ශනය කිරීමට බාධාවක් නොවන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් දන්වා සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිහා පිස්සෙක් උනා කියල අනෙක් මිනිස්සු පිස්සෝ වෙන්න අවශ්‍ය නැහැ නේද?
කොහොම හරි ලංකාවට භයානක කාලයක් එනවා කියන පෙරනිමිති තියෙනවා බණ්ඩාරනායක බලයට ආවෙ කැළනියේ පංසල මූලික කරගෙන තමයි දෙවනුව ගෝඨාභය බලය ගත්තෙත් එම පංසලම මුල් කරගෙන තමයි ඒ අවස්ථා දෙකේදීම රටට හොදක් වුනේ නැහැ ආණ්ඩුව අඩුකාලෙකින් අවසන් වුනා දැන් ආයෙමත් විවිධාකාරයෙන් කැළණිය මුල්කරගෙන විගඩමක් වෙනවා ඒ වගේම 1956 වගේ මෙහෙම එවුනුත් එළිබහින්න පටන්ගෙන තියෙනවා කවුරු දිනුවත් අවුරුදු දෙකක් තරම් කාලය ශුභ වෙන්න බැහැ එහෙම කිව්වෙ 1956 හා 2019 සිදුවූ දේවල් අනුව තමයි
ඉතා දුර්වල යල්පැන ගිය නීති පද්ධතියක් ඇති රටක මිනිසුන් හිතුමතේට වැරදි කරනවා. මේ වගේ දුර්ජනයින් මෙහෙයවන්නේ N.G.O. නඩ වලින්. බුද්ධ දර්ශනයට නිගා කරන තරමට ඔවුන්ගේ පොත් මුදල් වලින් පිරෙන අතර ඊට සමපාතව අකුසල්ද පිරී ඉතිරී යනවා. ඒ අකුසල් ගෙවන්න වෙන්නෙ තම තමන්ට තනියෙමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වියදම කරන මුදලුත් අපරාධයක් වෙනවා, මේ වගේ ගොන් වැඩ කරන විට. එක පැත්තකින් නීතිය හරියට නොදැන නඩු පවරනවා අනිත් පැත්තෙන් වැඩකට නැති ගොන්නු ප්‍රමෝට් කරනවා. මේක බොහොම වෙලාවට රනිල් බැසිල් කල්ලියේ උගුලක් වෙන්න පුළුවන් ගිය පාර පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ ඇරලා රට පස්සේ රට අනතුරේ කියලා රට බේරා ගන්න විරුවෙක් කියලා බූරුවෙක් ගෙනාවා. මෙදා සැරේ ආගමයි සංස්කෘතික යයි අනතුරේ කියලා, ඒක බේරා ගන්න තව මොකෙක් හරි තක්කඩියෙක්ව ගෙනෙන්න ප්ලෑන් කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒකට තමයි මේ පෙරහැරේ කසකාරයෝ එන්නේ. සිංහල ජාතිය බේරා ගන්න ඤාණසාරලා සුදත්තලා ආවා වගේ දැන් බුද්ධාගමයි දේශිය සංස්කෘතියයි බේරා ගන්න කස්සපලා ව්ජේලා එලි බැහැලා ඉන්නවා.
ඇප දුන්න පලියට මානසික රෝගියෙක් සුව වෙන්නේ නෑ. මෙයාව ප්‍රතිකාර සදහා යොමු කරවන්න ඕන.
නානඳුන තුවක්කු කරුවෙකුට වැඩේ බාරදෙන්න කාලේ ඇව්ල්ලා වගේ.
මෙච්චර වැඩ දෙන රටේ මේ වගේ බලුවැඩ කරන අයට හොඳ පාඩමක්, වැඩක් දීලා මේ වගේ අය රටෙන් සහ සමාජයෙන් අයින් කරන්න කවුරුවත් නැද්ද? අපේ ඉපැරැණි නිර්මල බුදුදහමත්, රටත්, සංස්කෘතියත් ආරක්ෂා වේවා...! රටවැසියන්ගේ සහ පාලකයන්ගේ ඇස් ඇරේවා...