(යොහාන් භාසුර)
දැනට ක්‍රියාත්මක පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවට වැඩි විදුලි කප්පාදුවක් සඳහා මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවත් ඉදිරියේදී ගල්අඟුරු නොලැබුණු හොත් එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු අද (26) පස්වරුවේ පැවසීය.
ලක්‍ෂපාන විදුලිබලාගාරයෙන් මෙගාවොට් 357 ක සමස්ත විදුලි ප්‍රමාණයක් ජනනය කරන බව කී එම නිලධාරියා මෙගාවොට් 50 ක් පමණක් ජනනය කරන විදුලි ජනන යන්ත්‍රයක් පමණක් අක්‍රීය වී තිබීම විදුලි කප්පාදුව වැඩි කිරීමට තරම් ප්‍රශ්නයක් නොවන බව ද සඳහන් කළේය.
විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ විදුලි ක්ප්පාදුව ඉහළ දැමීමට හේතුව විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම බවත් අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කළ යුතු බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd