
(අංජුල මහික වීරරත්න)
සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි බත්තරමුල්‍ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්‍රවීණයන්ගේ නිවහන’ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) සහභාගී වෙමිනි.
විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ හින්දා හරි කමක් නැ කාට හරි හොදක් වෙනවා නම්
මිලේනියම් සිටි නිසා නැති වූ ජීවිත ගැනත් බලන්න
දැන් විශ්‍රාම ගිය හැමෝම අසරණයි. සෙබලු විතරක් නොවේ.
දැන් විශ්‍රාම යන අය ගැන විතරද යුද්ධයෙන් පසුව විශ්‍රාම ගිය අය ඉන්නවා ද මැරුනද මේ දක්වා එකෙක් වත් හොයලා බැලුවේ නෑ
ඡන්ද කාලෙට විතරක් මුන්නැහේලාට ජනතාවගේ දුක මතක් වෙනවා.
ජාතික ජනබල වේගයේ විශ්‍රාමික හමුදා සාමුහික ගොඩ නැගුවාට පස්සේ රනිල් සජිත් බැසිල් කල්ලිය කළබල වෙලා තියෙන තරම පෙනෙනවාද
විශ්‍රාම යන්න කලින් ඉන්න සෙබළු ගැන බලන්න. 100000 ස්භාවිකව අඩුවෙන්න දෙනවා කිව්වාත් එක හරි 50000 කට වැඩිය මොනවාහරි කරලා ඉන්න ටික රුක ගන්න බලන්නගවිශ්‍රාම යන්න අවු 02/03 තියෙද්දී ණය මුදලක්වත් ගන්න බැහැ. මොනවා හරි කරන්නගනැතිනම් ඉන්න ටකත් නිනොනො තමා.
සාධාරණයක් නැ හමුදාවේ මගේ දින 9ක් ඉන්න ඕන එකට මට එන්න වුනා මට හිතාගන්නවාත් වේලාවක්නැ මට තිබුනේ නැ අන්තිමට දැන් කුලිවැඩ කරලා ජිවත් වේන්නේ