(හිරාන් ප්‍රියංකර ජයසිංහ ),

ආණමඩුව ගම් උදාව මාර්ගයෙ කාණු.වක තිබි අභිරහස් ලෙස මරණයට පත්වු විශ්‍රාමික බැංකු නිළධාරීයකුගේ සිරුර අද(21) දින උදෑසන සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව තිදරු පියකු වු 64 හැවිරිදි ඒ.එච්.එම්.පි.බි.අබේරත්න නැමති අයකු බව කියයි.

මෙම විශ්‍රාමික බැංකු ආරක්ෂන නිළධාරීයා තම සොහොයුරාගෙ වැඩිමහල් පුතුගේ ආණමඩුව උත්සව ශාලාවක පැවති උත්සවයට සහභාගී වී නිවෙස බලා පැමින නැවත සොහොයුරාගෙ නිවසේ නැවති එහිද සාදයකට එක්වි ආපසු රාත්‍රියෙ නිවසට පා ගමනින් එමින් සිටියදී මෙසේ  කාණුවකට වැටී ඇතැයි පොලීසිය සැක කරයි.