(යොහාන් භාසුර)
රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති.
ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලබා වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එය සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන බවත් 2016 වසරෙන් පසුව විශ්‍රාම ලැබූවන්ට දෙන්නේ යැයි ප්‍රකාශ කළ විශේෂ දීමනාව මේ දක්වා නොලැබුණු බවත් විශ්‍රාමිකයෝ කියති.
මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම වැටුප් දීමනාව අද (8) නිකුත් කළ ද එම විශේෂ දීමනාව මේ දක්වා ඇතුළත් කර නොමැති බව ද විශ්‍රාම වැටුප් හිමියෝ සඳහන් කරති.
විශ්‍රාමිකයන්ගේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට කොමසාරිස් ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට උත්සාහ කළ ද ඒ මහතා රැස්වීමක සිටින්නේ යැයි කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ මහතාගේ ජංගම දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයාට කියලා වැඩක් නැහැ. මම බලාගෙන ඉන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් තිලකරත්න මැතිතුමා වැනි මානුෂික හැඟීමක් තියෙන කෙනෙක් අධ්‍යක්ෂ ජෙනරාල් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි කුරේ කියලා ඉස්සර යහපත් අධ්‍යක්ෂවරුන් හිටියා...
ඔය ජනරාල් නේද රජයේ නිවාඩු වැඩියි කියපු මනුස්සයා?
ඕක හොර ගුහාවක්. විශ්‍රාම ගත්තාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැති කාලකන්නි ඉන්නේ...!
කවුරුත් අපි දිහා බලන්නේ නැහැ... අපෙන් වැඩ ගන්නකල් වෙරි ගුඩ් කියනවා විතරයි දැන් අපිට ඒකත් නැහැ. ණය දෙනකොට කියනවා ඔයාගේ වැටුපෙන් මෙච්චර මුදලක් පමණයි කපන්න පුළුවන් කියලා. දැන් කොහොමද පොලී වැඩි වුණා කියලා මුලු විශ්‍රාම වැටුපම කපනවා. හැමදේම ඔවුන්ගේ වාසියට තමයි...!
මම ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙනවා කිව්ව රුපියල් 10000 තාම නෑ.. මේ අයට යුද්ධය කරන කන් විතරයි අපිව මතක් වුණේ... ඒවට ප්‍රතිචාර ඊළඟ මැතිවරණයේදී හම්බවේවි...!