
(යොහාන් භාසුර)
වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිතව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් සේවා අවශ්‍යතාව මත කොන්ත්‍රාත් පදනම යටතේ තවදුරටත් සේවයේ යොදවා ගැනීමට ජනාධිපති ලේකම්වරයා අනුමැතිය දී තිබේ.
විශ්‍රාම ගිය එම සේවකයන් නැවත බඳවා ගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරි වරයාට ලිඛිත අවසර ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තරුණ ජනගහනය අඩු වෙලාද?
තව තවත් වර්ජන කරමින් දුම්රිය සේවය කාබාසිනියා කරන්න අවස්ථාවක් දීලා. ජය වේවා
දුම්රිය නියමුවාට 60යි. දුම්රියට 75යි. ඔය දෙකම අතරමග නවතිනවා නොඅනුමානයි...
එහෙනම් මොන මගුලකට විශ්‍රාම යැවුවේ ?දැන් විශ්‍රාම වැටුපයි කොන්ත්‍රාත් ගෙවීමයි දෙකක් ගෙවන්න ඕනනේ .හානේ මෙහෙමත් .................
දුම්රිය සේවකයින් 500ක් විශ්‍රාම යාම නිසා දුම්රිය 44ක් අවලංගුයි. 5000ක් විශ්‍රාම ගියා නම් දවසකට දුවන 400කට ආසන්න දුම්රිය ධාවනය සම්පුර්ණයෙන් නවතිනවා. ඔය දුම්රිය නිසියාකාරව ධාවනය නොවන එකට ප්‍රවාහන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලේකම්වරයා හා එහි නිලධාරීන් මෙන්ම දුම්රිය සාමාන්‍යාධිකාරි හා අනෙකුත් නිලධාරීන්ගේ අසමත්කම මෙන්ම වගකිමෙන් කටයුතු නොකිරිම හේතුවක් .තව කුමාර වෙල්ගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටියදී කම්කරු පත්වීම් වලට කාන්තාවන් පත්කිරිම නිසාත්, දුම්රිය මාර්ගයේ වැඩකරන්න පිරිමි අය නැතුව ගියා. ඒ නිසා පුරාප්පාඩු පිරිලා නිසා
නව සේවකයින් බඳවාගෙන පුහුණුව නොදෙන්නේ කාගේ හයියටද? රියදුරු සහ නියාමක රු පුහුණුව ලබාදීම එතරම් අමාරු දෙයක්ද? නැතිව අතිකාල කන්න බලාගෙන ඉන්න පෙරේත රෑන පිනවන්න කරන නීච වෑයමක්ද?
කෝච්චි ලේකම්ට පුළුවන් නම් 60න් විශ්‍රාම යන ඒක නවත්වන්නට මොන මඟුලකටද රාජ්‍ය පරිපාලකයොයි මුදල් ලොක්කොයි චක්‍රලේඛ, ගැසට් ගහලා 60 අනිවාර්ය විශ්‍රාම වයස බවට බෙරිහන් දුන්නේ. මේ රටේ ඒකෙකුට පුළුවන්ද හරි හමන් නීතියක් ක්‍රියාත්මක කොරන්න. කෝච්චි කාරයන්ට දෙනව නම් ඒම අයිතිවාසිකම රටේ සෑම සේවකයෙකුටම දිය යුතුයි. නැතන්ම් ලොක්කොයි, බක්කොයි, සොක්කොයි සේරම 60න් විශ්‍රාම යැවිය යුතුයි.