(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා බව වාර්තා වේ.
ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් හා සේවකයන් දැඩි අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක්ම පැමිණෙන අතර ඒ පැමිණෙන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබා ගන්නා බව දැනගන්නට ඇත.
රජයේ ඉහළ ප්‍රධානියකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්ව ඇතත් මැති ඇමැතිවරුන් රැසක්ද ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර රටේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි පත් කිරීම් කර වැටුප් ගෙවීම සහ අනෙකුත් පහසුකම් ලබාදීම බරපතළ ගැටලුවක් බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑතකදී විශ්‍රාම ගිය පාර්ලිමේන්තුවේ ඉහළම නිලධාරියා නම් ධම්මික දසනායක.. එයා නෙවෙයි නම් වෙන කවුරුද කියලා නම් ගම් සහිතවම කියනවා නම් ලොකු දෙයක්.. හොරුන්ට හොරු කියලා කියාගන්න බැරි එකම රටක ලංකාව තමයි.
ලංකාවේ එක හොඳක් තියෙනවා මේ වගේ වෙලාවට... අනිත් එකාගේ කකුලෙන් අදින එක...
මෙවැනි අකටයුතුකම් කරන ලොක්කෝ ඉන්නකල් රටේ සංවර්ධනයක් විය හැකිද? කතාව නම් ලොකුවට ඒත් වැඩ බලු නොවටී…! මේ ලොක්කා කවුද කියලා ඇයි නොකියන්නේ...? බයද? අපට නම් හිතාගන්න පුළුවන්...
තණ්හාය ජායතී සෝකෝ...!
ඇත්තෝ කති බොත්... නැත්තෝ හූල්ලති...
මේ වගේ කාලකණ්ණි තමයි රට විනාශ කළ අනික් අය... මොවුන් ලැජ්ජා නහරෙ නැතිව ඉපදිච්චි අය...
ගමේ ගොඩේ අයගෙ වගේ දාමුකෝ බලන්න නම ගම...
මේකත් ලොකු ප්‍රශ්නයක්ද? ඡන්දයෙන් පැරැදුණු අය... ජාතික ලැයිස්තුවෙන් අරන් මීට වැඩිය වරප්‍රසාද ඇතිව ඇමැතිකම් දෙන්නේ? සංස්ථාවල සභාපති ආණ්ඩුකාර පදවි දෙන්නේ? ඒවා හරිද?
හැමදාම කියනවා වගේ රටේ නායකයා දුර්වල වෙනකොට මේවා වෙනවා. මේ වගේ පොඩිදෙයක්වත් හරියට නියාමනය කරගන්න බැරි කෙනෙක් කොහොමද රටේ ආර්ථිකය හදන්නේ? පොඩ්ඩක් හිතන්න. මූණ බලලා, පාට බලලා පස්සෙන් යන්න එපා. දුර්වල, අදක්ෂ අය එළවමු.
ලොකු ලොක්කන්ට එහෙමට වුණත් සොක්කන්ගේ විශ්‍රාම වැටුපත් දෙන්නේ හිතවත් කමට හා දේශපාලන ගැතිකමටද කියලා හිතෙන අවස්ථා තියෙනවා... සතිඅග පත්තරේකින් විශ්‍රාම ගැටලු එවන්න කිව්වත් ඒකත් නවතා තියෙන්නේ මොකද කියලා තේරුම් ගන්න බැහැ...
අපි බදු ගෙවන්නම්. ඔබලා ආතල් ගනිල්ලා. ගුටි කන දවස ඈතක නැහැ... රනිල් රට හදනවා!! රෙද්ද තමයි...
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ළඟදී විශ්‍රාම ගියා...
අපරාදේ කියන්න බෑ.. හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි.
මේ ගැන මුදල් අමාත්‍යවරයා නිහඬ මොකද? මම දැනගත්තෙත් මාධ්‍යය හරහා...
මේ මජර දේශපාලන සංස්කෘතිය අතුගා දමන තුරු මේ රටට වගතුවක් වෙන්නේ නැහැ.
දේශපාලනේට ගෑවිච්චි අයගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
හොරෙන් පොල් ගෙඩියක් කඩපු කෙනෙක් නම් දනී... නමගම විස්තර එක්ක ඊයේ රෑට කාපු දේවල් පවා දාන හැටි.
පාර්ලිමේන්තුවෙන් පන්නලාම දැම්මත් සුපිරි සැප ගන්නා මැතිසබේ ලොක්කා කව්ද?
මේ කරන අපරාධයට නම් මොවුන්ට හොඳක් නම් සිදුවෙන්නේ නැහැ.