
(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් පන් සියයකට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින අතර මෙම පිරිස බඳවා ගැනෙන්නේ එම පුරප්පාඩු සඳහා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.
වාර්තා වන අන්දමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු වැඩිපුර පවතින්නේ කොළඹින් බැහැර ප්‍රදේශවලය.
විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීමට කැමැත්ත පළ කරන්නේ නම් ඔවුනට අවශ්‍ය බොහෝ පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පහසුකම් කිව්වේ ඇමැතිලාට දෙන ඒවා වගේද? ඉන්ධන දීමනා... වාහනයක්, රියදුරන්, සහායකයින් ගොඩක්... අතට පයට සේවකයෝ, නිල නිවසක්, ඒසී කාමරයක්, රට සවාරි, එක එක පර්මිට්, අනිත් අතයට දෙන ඒවා වගේද?
හරි හරි එහෙනම් ලංකාවේ ඉස්පිරිතාලත් අර පාර්ලිමේන්තුව කියන මහළු මඩම වගේමයි. අහෝ ලංකාවට ගිය කලක්...