(සුජිත් හේවාජුලිගේ )
විවාහ, දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට බාරදෙනු ලැබීය .
අධිකරණ ඇමතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ නිදහසින් පසු මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම සඳහාය .
වසර සිය ගණනක් තිස්සේ මෙම නීතිය යාවත්කාලීන නොවීම නිසා පොදු ජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන්හ .
ජනාධිපතිනිය නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවෙහි කැඳවුම්කාරිනිය ලෙස නීතිඥ මෝක්ෂණි ජයමාන්න මහත්මිය කටයුතු කරන්නීය .
මෙම කමිටුවට තවත් සාමාජිකය දොළොස් දෙනෙක් ඇතුළත් වෙති. මෙරට වෛවාහක නීතියට අදාළ වූ කරුණු හා දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට භාජනය කළ යුතුයැයි මෙම කමිටු වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොහොමඩ් කියන පුද්ගලයා අවුරුදු 06ක ෆාතිමා කියන දැරියක් සමග විවාහ වුණා යැයි කියන්නේ මොන ආගමේද? අන්න එතන තමයි ප්‍රශ්නේ...
කාලීන වැඩක්....
සබ්‍රි දන්න විවාහ නීති... ඒ අයටම හොඳයි...
ඒක නීතිය නොවෙයිද? අපි හැමෝටම ඔය තියන නීති 1/3ක් වෙන්න ඕනෑ..
කාන්තාවන්ට නිදහස දීපු තරමට අපේ රට කාන්තාවන්ගෙන් ලස්සන වේවි..!!! උදාහරණ- රුසියාව, ඇමෙරිකාව, චීනය, යුරෝපය..